බාධක ඉවත්කර ගුණාත්මක අධ්‍යාපනයක් තහවුරු කිරීම අපේ වගකීමයි – අගමැතිනිය කියයි

කිසිදු ළමයෙකු මඟනොහැරෙන සේ අධ්‍යාපනය තහවුරු කිරීම අධ්‍යාපන අමාත්‍යාංශය සතු වගකීමක් බවත්, එහිදී දරුවන්ගේ සුබසාධන කටයුතු මඟනොහැරිය හැකි කොටසක් බවත්, මෙය පාසල් ළමයෙකුට දෙන සපත්තු දෙකක් පමණක් නොව සෑම ළමයෙකුටම සමාන අධ්‍යාපන අයිතිවාසිකම් හිමිකර දීම සඳහා වූ රාජ්‍ය සැලැස්මේ කොටසක් වන බවත් අග්‍රාමාත්‍යවරිය පවසනවා.

අග්‍රාමාත්‍යතුමිය මේ බව පවසා සිටියේ බස්නාහිර සහ දකුණු පළාත්වල පාසල් සිසුන්ට පාවහන් බෙදාදීම සඳහා සකස් කර ඇති නියමු ව්‍යාපෘතියේ ගිවිසුම් අත්සන් කිරීමේ සාකච්ඡාවකට එක්වෙමින්.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය කියා සිටියේ මෙම ව්‍යාපෘතිය රජයේ සංවර්ධන සංකල්පයක් වන රාජ්‍ය, පෞද්ගලික අංශය සහ ජනතාව යන පාර්ශ්වයන්ගේ සහභාගිත්වය තුළින් සියලු දෙනාගේම ජයග්‍රහණය ඉලක්ක කරගනිමින් සකස් කර ඇති බවත්, නව වසරේ පළමු රාජකාරිය ලෙස මෙවන් සමාජ සත්කාරයක් කිරීමට හැකිවීම ආශීර්වාදයක් වන බවත් අග්‍රාමාත්‍යඅරිය සඳහන් කළා .

මෙම අවස්ථාවට එක්වූ කර්මාන්ත හා ව්‍යවසාය අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති කියා සිටියේ, ඇති,නැති පරතරයෙහි හැඟීම තමා පෞද්ගලික ව අත්විඳ ඇති බවයි.

දේශීය නිෂ්පාදකයින්ට මුල්තැන දෙමින් උසස් තත්ත්වයෙන් යුතු පාසල් පාවහන් පාසල් වලට ගොස් සිසුන්හට බෙදාදීම මෙම ව්‍යාපෘතිය මඟින් සිදුකරන බවත්, එමගින් විශාල මුදලක් රජයට ඉතිරි වන බවත්, ඊළඟ වසර වන විට සියලුම පාසල් ආවරණය කරමින් සිසුන්ට මෙම වරප්‍රසාදය ලබාදීමට කටයුතු කරන බවත් ඔහු පෙන්වා දුන්නා.

මෙම ව්‍යාපෘතිය අධ්‍යාපන අමාත්‍යාංශයේ සහ කර්මාන්ත හා ව්‍යවසාය අමාත්‍යාංශයේ සාමූහිකත්වයෙන් සැලසුම් කර ඇති අතර එහිදී පැමිණ සිටි දේශීය පාසල් පාවහන් නිෂ්පාදකයින් සමඟ නිල වශයෙන් ගිවිසුම් අත්සන් කිරීමක් සිදුවුණා.

මෙම අවස්ථාව සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කළුවැව , කර්මාන්ත හා ව්‍යවසාය අමාත්‍යාංශයේ ලේකම් තිලකා ජයසුන්දර ඇතුළු පිරිසක් සහභාගී වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අධිකරණ ඇමතිගෙන් රැඳවියන්ගේ ඥාතීන්ට පණිවිඩයක් - ඉතා ඉක්මනින් රස පරීක්ෂණ වාර්තා දෙනවා
04:27
Video thumbnail
පල්ලන්සේන බන්ධනාගාරය ඥාතීන් ඇවිත් උණුසුම් තත්ත්වයක් - හිඟාකන්නද කියන්නේ ?එකෙක්වත් යන්න එපා
05:24
Video thumbnail
ගැම්මට අධිකරණයට පැමිණි චින මල්ලිට වෙච්ච දේ බලන්නකෝ - මොකක්ද ඒ බිමට වැටුණේ ?
01:19
Video thumbnail
ශිරාණි බණ්ඩාරනායක ගෙදර යවලා අවුරුදු දෙකෙන් මහින්ද ගෙදර ගියා - ග#න ගැ#ල්ලට ඉඩ දෙන්න එපා
15:40
Video thumbnail
පොහොට්ටුවේ මීනු ආණ්ඩුවට රිදෙන්න දෙයි - එක සද්දයයි ආවේ පාතාලයට බයවුණා
05:22
Video thumbnail
ටිල්වින් කිව්ව අමුතු කතාව - සදා මිස් මට වැඩිය කතා කරන්නේ නෑ..මැසේජ් තමයි එවන්නේ
04:41
Video thumbnail
අභියාචනාධිකරණ 9ක් කරන්න හදන්නේ - මේ රාජ්‍ය ඉවරයි - මම කැමති නෑ ඒකට
07:24
Video thumbnail
ඉස්සර හොරකම් කරපු හොරු වගේම දැන් හොරකම් කරපු හොරුත් ඉන්නවනේ - දැන් දාන්නේ පැලැස්තර..
14:52
Video thumbnail
පොලිසියට වෙට්ටු දදා තරගෙට බයික් එකේ ගිය තරුණයා
00:37
Video thumbnail
මීගමුව ගැටුමට සම්බන්ධන සෙට් එක නැවත් බන්ධනාගාරයට
01:49