spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

විදුලි බිල වැඩි කිරීම ගැන අවසන් තීරණය අද

65%කින් විදුලි බිල වැඩි කිරීම සම්බන්ධයෙන් වන අවසන් තීරණය අද (09) ගැනීමට නියමිතව තිබෙනවා.

නව වසරේ පළමු වරට ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් රැස්වූ අමාත්‍ය මණ්ඩලයට විදුලි බිල වැඩි කිරීම සම්බන්ධයෙන් වන යෝජනාව ඉදිරිපත් කරනු ලැබුවේ අමාත්‍ය කංචන විජේසේකර විසින්.

කෙසේවෙතත් ඊට සිවිල් සංවිධාන, වෘත්තිය සමිති, මහජන උපයෝගීතා කොමිසම මෙන්ම තවත් පාර්ශව රැසක් විරෝධතාව පළ කළා.

මේවන විට විදුලි බිල යළිත් වැඩි කිරීමට එරෙහිව අත්සන් හැටනව ලක්ෂයක් ලබා ගැනීමේ ව්‍යාපාරයක් ද ක්‍රියාත්මකයි.

එවන් පසුබිමක් මතයි විදුලි බිල වැඩි කිරීම සම්බන්ධයෙන් රජය අවධානය යොමුකර ඇත්තේ.

පසුගිය සතියේ පැවති අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කෙරුණු යෝජනාව වැඩිදුරටත් සලකා බලා තීරණයක් ගැනීමටයි අද දක්වා කල් තැබුණේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් අද පස්වරුවේ අමාත්‍ය මණ්ඩලය රැස්වීමට නියමිතයි.

කැබිනට් මණ්ඩල අනුමැතියෙන් අනතුරුව විදුලි බිල වැඩි කිරීමේ යෝජනාව මහජන උපයෝගීතා කොමිසමට ලබාදීමයි ක්‍රමවේදය වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?