ලොකු ළූණු මිල පහළට

ලොකු ළූණු මිල යළි පහළ බැස ඇති බව වාර්තා වනවා.

ඉන්දියාවෙන් ලොකු ළූණු ආනයනය කිරීම හේතුවෙන් මෙලෙස මිල පහළ බැස ඇති බවයි වෙළෙන්ඳන් පවසන්නේ.

ඒ අනුව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ ලොකු ළූණු කිලෝග්‍රෑමයක මිල දැක්වෙන්නේ රුපියල් 140ක් ලෙසයි.

එමෙන්ම පකිස්ථානයෙන් ආනයනය කරන ලද ලොකු ළූණු කිලෝවක මිල රුපියල් 100-120ක් වන අතර චීනයෙන් ආනයනය කරන ලද ළූණු කිලෝවක මිල දැක්වෙන්නේ රුපියල් 60ක් ලෙසයි.



අපගේ නවතම වීඩියෝ පුවත්