අවුරුදු 38ට වාහන 15ක් සොරාගත් මහ හොරෙක් පොලිස් දැලේ

අවුරුදු 38ක් තුළ වාහන 15ක් සොරාගත් පුද්ගලයෙක් යක්කල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වාහන අලෙවි කිරීමට පළකර ඇති දැන්වීම් අනුව එම වාහන හිමිකරුවන් සොයාගොස් සැකකරු විසින් මෙම වාහන සොරාගෙන ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ රාජගිරිය, බණ්ඩාරනායකපුර ප්‍රදේශයේ පදිංචි 64 හැවිරිදි වියේ පසුවන් අයෙක් බවයි වාර්තා වන්නේ.

මෙම සැකකරු දිවයිනේ විවිධ ප්‍රදේශයන්හි අලෙවි කිරීම ඇති වාහන මිලදී ගැනීමට බව පවසමින් ඒවායේ හිමිකරුවන් සොයාගොස් රථවල තත්ත්වය බැලීමට ධාවනයට අවශ්‍ය බව පවසා එම වාහන සොරාගෙන ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

1986 වසරේ සිට අවස්ථා කිහිපයක දී වාහන 10ක් මෙලෙස සොරගැනීමේ සිද්ධීන් සම්බන්ධයෙන් වරදකරු වී වසර 11ක කාලයක් සිරදඬුවම් විඳ පැමිණ ඇති අතර, ඉන් පසුවත් මෙම වංචාව සැකකරු විසින් සිදුකරගෙන ගොස් තිබෙනවා.

පසුගිය දිනක ගම්පහ, බැලුම්මහර ප්‍රදේශයේ පුද්ගලයෙක් විසින් මෝටර් රථයක් අලෙවි කිරීමට පළකර තිබූ දැන්වීමකට අනුව, එම හිමිකරු සොයාගොස් එම මෝටර් රථය පැහැරගෙන ගොස් මිනුවන්ගොඩ ප්‍රදේශයේ අයෙකුට රුපියල් 3,150,000ක මුදලකට අලෙවි කිරීමට සූදානම් වූ අවස්ථාවේ දී පොලිසිය විසින් සැකකරු කොටුකර ගැනීමට සමත්ව තිබෙනවා.

එහිදී සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීම්වල දී අනාවරණය වී ඇත්තේ මීට පෙර පිළියන්දල, කැස්බෑව, කහතුඩුව, මාවනැල්ල , බලපිටිය, මාතලේ , කුරුණෑගල යන ප්‍රදේශවලින් වාහන සොරාගෙන ඒවාට ව්‍යාජ ලියකියවිලි සකස් කර විවිධ පුද්ගලයින්ට අලෙවි කළ බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:13:02
Video thumbnail
හතුරන්ගේ හතුරෝ මගේ යාළුවෝ - මුන්ව නැතිකරලා දාන්න තමයි මම පොහොට්ටු වේදිකාවට නැග්ගේ
05:18
Video thumbnail
මෝටර් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී සිදු වූ බිහිසුණු අනතුර
01:31
Video thumbnail
මගේ අයියත් මේ ආණ්ඩුවට සල්ලි දුන්නා - නඩු දාන්න කියන්න මම ඔප්පු කරන්නම්
03:24
Video thumbnail
උතුරේ මිනිස්සු ආයේ යුද්දේකට එන්නේ නෑ - අවුරුදු 40ක් ඇතිවෙන්නම කාලා තියෙනවා
04:47
Video thumbnail
නාමල්ගේ අම්මව හිරේ දැම්මා කියලා ත්‍රීවීල් දුවන කෙනාගේ බඩ පිරෙන්නේ නෑ
05:57
Video thumbnail
මම කොටියෙක් නෙමෙයි, අනුර මාව හිරේ දාන්නමයි බලන්නේ
06:14
Video thumbnail
රු 1000ක් අරගෙන මම පාර්ලිමේන්තුවේ ආතල් දුන්නා
04:06
Video thumbnail
නාමල් ජනාධිපති වුණොත් මම ඇමතිකමක් ඉල්ලනවා
05:26
Video thumbnail
මම සිංහල ජනතාවට කවදාවත් අත දික්කරන්නේ නෑ
03:46