ඉන්දීය මැතිවරණය නිරීක්ෂණයට ශ්‍රී ලංකාවෙනුත් නියෝජිතයන් පිරිසක්

මේ දිනවල පැවැත්වෙන ලෝක් සභා මැතිවරණය අතරතුර ඉන්දීය මැතිවරණ කොමිසම විසින් ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂකයන්ගේ වැඩසටහනක් පසුගිය සතියේ දියත් කළා.

මේ සඳහා ශ්‍රී ලංකාවෙන් ද දසදෙනෙකුගෙන් සමන්විත නියෝජිත පිරිසක් එක් වුණා.

ශ්‍රී ලංකා මැතිවරණ කොමිසමේ නියෝජිතයන් දෙදෙනෙකු සහ මැතිවරණ නීති සංශෝධනය සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමට පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව නියෝජනය කරමින් අටදෙනෙකු ද එම නියෝජිත පිරිසට ඇතුළත්.

මෙම වැඩසටහනේ අරමුණ ඉන්දියාවේ මැතිවරණ පද්ධතියේ ශක්තිමත්භාවය සහ ලෝකයේ විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයේ භාවිතා කරන මනා පිළිවෙත් පිළිබඳව දැනගැනීම සඳහා මැතිවරණ ක්ෂේත්‍රය තුළ කටයුතු කරන ජාත්‍යන්තර මැතිවරණ කළමනාකරණ ආයතන සහ සංවිධාන සඳහා වේදිකාවක් සකස් කිරීමයි.

ඉන්දීය මැතිවරණ කොමිසම මීට පෙර 2014 සහ 2019 වසරවල දී පැවති ලෝක් සභා මැතිවරණයන්හිදී ද මෙවන් වැඩසටහන් සංවිධානය කළා.

තොරතුරු තාක්ෂණ මුලපිරීම් සහ මාධ්‍ය සහ සමාජ මාධ්‍ය වපසරිය පිළිබඳ අදහසක් ලබා දීම වැනි මාතෘකා රැසක් ආවරණය කරමින් විවිධ දැනුවත් කිරීමේ සැසි මෙම වැසඩහටහනට ඇතුළත්.

මෙයට අමතරව, සහභාගීවන්නන්ට මැතිවරණ ක්‍රියාවලීන් නිරීක්ෂණය කිරීම සහ විවිධ ඡන්ද මධ්‍යස්ථානවල ඡන්ද ප්‍රකාශ කිරීම දැකබලා ගැනීම සඳහා ද අවස්ථාව හිමි වුණා.

මෙම වසරේදී, ඉන්දීය මැතිවරණ කොමිසම ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂකයන්ගේ වැඩසටහන සඳහා මැතිවරණ කළමනාකරණ ආයතන 55ක් නියෝජිතයන් සහභාගී වී තිබෙනවා.

ශ්‍රී ලංකා නියෝජිත පිරිසේ සහභාගීත්වය ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශවික බැඳීම් ශක්තිමත් කිරීමට සහ මැතිවරණ පාලනය සම්බන්ධයෙන් දැනුම සහ අත්දැකීම් බෙදාහදා ගැනීමට වන කැපවීම අවධාරණය කරන බව මෙම වැඩසටහන සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය නිවේදනය කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුවේ ලස්සන විහිළුවක් සජිත් හෙළිකරයි - අතේ මාට්ටු..සංඛ්‍යා ලේඛන ජිල්මාර්ට්
06:38
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල්
00:22
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක්
00:57
Video thumbnail
අපනයේදී මාට්ටුවන භාණ්ඩ ගැන රේගුවෙන් හෙළිකරයි - අපේ ලිහිල් ප්‍රතිපත්තියෙන් වාසි ගන්නවා
05:13
Video thumbnail
රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මේ වසරේ ? තව අවශ්‍ය වෙන්නේ බිලියන 100කට අඩු ගාණක්
07:56
Video thumbnail
රටවල් නීතියෙන් අණ පනත්වලින් පමණක් පාලනය වෙන්නේ නෑ - ස්වයං විනයක් තිබිය යුතුයි
03:32
Video thumbnail
සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වගා ව්‍යාපෘති බලන්න මහ ජනතාවට ඇරයුම් - ඔබත් ඇවිත් නෙතින්ම බලාගන්න
01:29
Video thumbnail
තම වගකීමට වගවන රාජ්‍ය සේවයක් අවශ්‍යයි - පදක්කමේ පිටුපස විශාල කාර්යභාර්යයක් ඇය සහ පවුලේ අය කළා
06:59
Video thumbnail
ජනපතිගේ සුරතින් “විශිෂ්ට සේවා විභූෂණ” පදක්කම් ප්‍රදානය කළ අයුරු
04:42
Video thumbnail
එරාන් ක්‍රිකට් ගැන කිව්ව දේ - වැඩ කරන අයට නෙවෙයි මේක අයිති ජනතාවට..ඔක්කොම නීතියට යටත්ව ඉන්න ඕනි
06:14