පුංචි 20-20 ලෝක කුසලානයේ ජය ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට (ඡායාරූප)

අයි.සී.සී පන්දුවාර විස්සයි විස්ස කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ශූරතාව දිනා ගන්නට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (07) සමත් වුණා.

ඒ, මෙම තරගාවලියේ අවසන් මහා තරගයේ දී ස්කොට්ලන්ත කාන්තා කණ්ඩායම ලකුණු 68 කින් පරාජය කරමින්.

මෙම තරගයේ කාසියේ වාසිය දිනූ ස්කොට්ලන්ත කාන්තා කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට ශ්‍රී ලංකාවට ආරාධනා කළා.

ඒ, අනුව ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 05ක් දැවී ලකුණු 169ක් රැස් කිරීමට සමත් වුණා.

එහිදී ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු ජාත්‍යන්තර දෙවන 20-20 ශතකය වාර්තා කරමින් ලකුණු 102ක් රැස් කළා.

පිළිතුරු ඉනිම සඳහා පන්දුවට පහරදුන් ස්කොට්ලන්ත ක්‍රීඩිකාවන්ට නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩුලු 07ක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 101ක් පමණයි.

මෙහිදී උදේෂිකා ප්‍රබෝධනී ලකුණු 13කට ස්කොට්ලන්ත ඉනිමේ කඩුලු 03ක් සමත් වුණා.

ඒ, අනුව අවසන් මහා තරගය ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ලකුණු 68කින් ජයග්‍රහණය වාර්තා කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
30
+1
1
+1
25
+1
1
+1
0
+1
2
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කඩා දැමු වෙසක් කූඩු ගැන අරුන් සියල්ල හෙළිකරයි - රෑ දෙන්නෙක් මූණු වහගෙන ඇතුළට ඇවිත් වෙසක් කූඩු කඩලා
05:25
Video thumbnail
ගින්නෙන් වැඩිහිටියන් බේරගද්දි කාකි නිල ඇඳුමෙන් එළියට ආ සොඳුරු මනුස්සකම..Respect..!
01:07
Video thumbnail
ජනතාවගේ සිතුම් පැතුම් එක බැංකුවකින්වත් වෙන්නේ නෑ - කිසිම බැංකුවක පරිපාලනයක් නෑ
03:40
Video thumbnail
අනුර කුමාර අස්වෙන්න ඕනි..ලැජ්ජයි..හර්ෂදගේ ගෙදරටම ගෙනියපු එකෙන් පේනවා විශාල හොරකමක් කියලා
02:55
Video thumbnail
තවමත් දැවෙන වැඩිහිටි නිවාසයට ආරක්ෂක අංශත් කැඳවයි..මෙන්න නවතම දර්ශන
01:05
Video thumbnail
අනතුරෙන් එළොව ගිය රණවිරුවා සහ ඔහුගේ බිරිඳගේ අවසන් කටයුතු සෝසුසුම් මැද සිදුවූ හැටි
04:41
Video thumbnail
"දෙන්නෙක් ඇතුළේ..වහලේ ගිනිගන්නවා.." වැඩිහිටි නිවාසයක ඇතිවූ ගින්නේ නොදුටු දසුන් පෙළක්..
04:49
Video thumbnail
මිල්ලනිය වැඩිහිටි නිවාසය සම්පූර්ණයෙන් ගිනිබත් වෙයි..11ස් දෙනෙක් අතුරුදන් - 44ක් මුදා ගනී
01:54
Video thumbnail
ඔයාලට ඩීසල් ලීටරයක් ගන්න වෙන්නේ රු. 750ට ? - මේ ටැක්ස් එක තමයි අඩු කරලා තියෙන්නේ
03:08
Video thumbnail
වැඩිපුර තෙල් වැය වෙන්න හේතුව බාල ගල් අඟුරු නෙවෙයි..Night Peak එක ගන්න ඩීසල් පුච්චන්න වුණා
03:23