පස් හැවිරිදි දැරියකට රොට්වයලර් ප්‍රහාරයක් – හිමිකරු අත්අඩංගුවට

ඊයේ (06) රාත්‍රියේ චෙන්නායි හි උද්‍යානයක දී රොට්වයලර් සුනඛයින් දෙදෙනෙකුගේ ප්‍රහාරයකින් දැරියක් බරපතල තුවාල ලබා තිබෙනවා.

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ පස් හැවිරිදි දැරියක් මෙලෙස බරපතල තුවාල ලබා රෝහල් ගතව ප්‍රථිකාර ලබන බවයි.

මෙහිදී සුනඛන්ගේ හිමිකරු අත්අඩංගුවට ගෙන ඇති අතර, සුනඛයින්ව බලාගන්නා තවත් දෙදෙනෙකු ද මෙම සිද්ධියේ චූදිතයන් ලෙස නම්කර ඇති බවයි වාර්තා වන්නේ.

චෙන්නායි හි පොදු උද්‍යානයක දී මෙම සිදුවීම සිදුව ඇති අතර, සුනඛයින් විසින් සුදක්ෂා නැමැති මෙම දැරියට පහරදෙන අවස්ථවේ දී ඇයගේ දෙමාපියන් විසින් දැරියව බේරාගෙන ඇති බව සඳහන්.

මව්පියන් විසින් දැරියව සුනඛයින්ගෙන් බේරාගන්නා තුරු සතුන් දෙදෙනාගේ හිමිකරු ඊට මැදිහත් නොවූ බවයි කරුණු අනාවරණය වී ඇත්තේ.

මෙම සිද්ධියත් සමඟ ආක්‍රමණශීලී සුනඛයන් සුරතල් සතුන් ලෙස ඇති කිරීම පිළිබඳ විවාදය යළි ඉන්දියාව තුළ මතුව තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී චානක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන
00:00
Video thumbnail
බස්වලින් සෙනඟ ඇද්දා තමයි, මිනිස්සුන්ට පයින් එන්න බෑනේ
08:14
Video thumbnail
ඇයි ඉවර කළේ නැත්තේ.. මොකද්ද ප්‍රශ්නය
04:14
Video thumbnail
76ක් කාපු එකායි, 76 ඉඳන් කාපු එකායි බයිලා ගහනවා
05:52
Video thumbnail
ආයේ ප්‍රභා කෙනෙක්ව ඇතිකරන්න හදනවා - ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
06:11
Video thumbnail
දැඩි වර්ෂාපතනයත් සමඟ කිරිඳිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
00:54
Video thumbnail
බස් රථයක් ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක්
00:52
Video thumbnail
හැටන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක් දෙයි
00:55
Video thumbnail
පවුල් පිටින් ඇවිත් රත්තරං බඩු කඩයකින් හොරකම් කරන හැටි - පොඩි කොල්ලා කුරුමාණම අල්ලලා කරපු දේ
01:33
Video thumbnail
ත්‍රී රෝද රථයක් මුහුණ දුන් බිහිසුණු අනතුර
00:40