Empty Ad
AFC Banner
Empty Ad

වැසි රහිත කාලගුණයක්

දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

හිමිදිරි උදෑසන නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල මල්තුහින ඇතිවීමේ හැකියාවක් පවතින බවයි වාර්තා වෙන්නේ.

ඉදිරි දින කිහිපයේ දිවයිනේ, බොහෝ ප්‍රදේශවල රාත්‍රී සහ අලුයම කාලවල දී තරමක ශීත කාලගුණ තත්ත්වයක් අපේක්ෂා කෙරෙයි.බස්නාහිර, සබරගමුව,මධ්‍යම, උතුරු-මැද සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේ දී මීදුම් සහිත තත්ත්වයක් ඇති වෙනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?