හෙට සහ අනිද්දා ඔත්තේ – වාහනවලට තෙල් නිකුත් කිරීම ගැන තීරණය අද

හෙට (31) සහ අනිද්දා (01) ඔත්තේ දින වන බැවින් ඉන්ධන නිකුත් කිරීම සඳහා අනුගමනය කළ යුතු ක්‍රියා පටිපාටිය පිළිබඳව සාකච්ඡා කරමින් පවතින බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා.

මේ සම්බන්ධයෙන් අවසන් තීරණයකට අද (30) දිනයේ දී එළඹෙන බවයි එම සංස්ථාව සඳහන් කළේ.

හෙට (31) දිනෙන් පසු ඉන්ධන බෙදාහැරීම සම්බන්ධයෙන් ගනු ලබන තීරණය කෙරෙහි සාකච්ඡාවේ අවධානය යොමු කරනු ඇති අතර මැයි මැද භාගය දක්වා රට තුළ ඉන්ධන ඇති බවයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමණාකර අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාරගේ පවසන්නේ.

එමෙන්ම සෑම විටම ඉන්ධන සංරක්ෂණය කර ඉන්ධන අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස ඔහු පාරිභෝගිකයින්ගෙන් ඉල්ලා සිටිනවා.

පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් මේ වනවිට වාහන අංක තහඩුවේ අවසාන අංකය 0, 2, 4, 6 හෝ 8 නම් ඉරට්ටේ දිනවල සහ වාහන අංක තහඩුවේ අවසාන අංකය 1, 3, 5, 7 හෝ 9 නම් ඔත්තේ දිනවල වාහන සඳහා ඉන්ධන නිකුත් කරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14