AFC Banner
AFC Banner
Empty Ad

වැල්ලවායේ නිවසකින් අඹුසැමි යුවළකගේ සිරුරු හමුවෙයි

වැල්ලවාය,  සෙල්ලබාව 02 ප්‍රදේශයේ පිහිටි නිවසක් තුල තිබී අභිරහස් ලෙස මියගිය අඹුසැමි යුවලකගේ සිරුරු ඊයේ (06) පස්වරුවේ සොයාගෙන තිබෙනවා.

ලද තොරතුරක් මත මෙම සිරුරු දෙක සොයාගෙන ඇති අතර මෙලෙස මියගොස් ඇත්තේ 36 හැවිරිදි පුද්ගලයෙකුගේ සහ 21ක් හැවිරිදි කාන්තාවකගේ සිරුරුයි.

මොවුන් දෙදෙනා වැල්ලවාය සෙල්ලබාව ප්‍රදේශයේ නිවසක් කුලී පදනම මත ලබාගෙන එහි සිට දේශීය වෙදකම් සිදුකරගෙන ගොස් ඇති බවටයි කරුණු අනාවරණය වී ඇත්තේ.

මොවුන් දෙදෙනා මියයාමට හේතුව තවමත් ආනාවරණය කරගෙන නොමැති අතර පොලිසිය සැකපල කරන්නේ මොවුන් දෙදෙනා සියදිවි හානිකරගන්නට ඇති බවයි.

මළ සිරුරු සම්බන්ධයෙන් වන පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීමට නියමිත අතර සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලවාය පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?