වැල්ලවායේ නිවසකින් අඹුසැමි යුවළකගේ සිරුරු හමුවෙයි

වැල්ලවාය,  සෙල්ලබාව 02 ප්‍රදේශයේ පිහිටි නිවසක් තුල තිබී අභිරහස් ලෙස මියගිය අඹුසැමි යුවලකගේ සිරුරු ඊයේ (06) පස්වරුවේ සොයාගෙන තිබෙනවා.

ලද තොරතුරක් මත මෙම සිරුරු දෙක සොයාගෙන ඇති අතර මෙලෙස මියගොස් ඇත්තේ 36 හැවිරිදි පුද්ගලයෙකුගේ සහ 21ක් හැවිරිදි කාන්තාවකගේ සිරුරුයි.

මොවුන් දෙදෙනා වැල්ලවාය සෙල්ලබාව ප්‍රදේශයේ නිවසක් කුලී පදනම මත ලබාගෙන එහි සිට දේශීය වෙදකම් සිදුකරගෙන ගොස් ඇති බවටයි කරුණු අනාවරණය වී ඇත්තේ.

මොවුන් දෙදෙනා මියයාමට හේතුව තවමත් ආනාවරණය කරගෙන නොමැති අතර පොලිසිය සැකපල කරන්නේ මොවුන් දෙදෙනා සියදිවි හානිකරගන්නට ඇති බවයි.

මළ සිරුරු සම්බන්ධයෙන් වන පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීමට නියමිත අතර සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලවාය පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36
Video thumbnail
මන්නාරමේ සිදුකරන සංවර්ධන ගැන ඇමති චන්දන හෙළිකරයි - මේ ප්‍රදේශය යුද්දයෙන් බැටකාපු ප්‍රදේශයක්
07:30
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස
01:04
Video thumbnail
ආණ්ඩුව නියමයි මෙහෙම තමයි කරන්න ඕන..නියමයි නියමයි
01:11
Video thumbnail
පොහොට්ටු රැළිය ඩ්‍රෝන ඇසට හසුවූ අයුරු
01:09
Video thumbnail
මහ සෙනඟක් ජනපති ළඟට එන්න පොරකයි
01:16
Video thumbnail
බිබිලට තද වැසි ඇදහැලුණු අයුරු මෙන්න - කාලගුණය වෙනස් වුණු හැටි
00:25
Video thumbnail
පොහොට්ටු රැළිය ඩ්‍රෝන ඇසට හසුවූ අයුරු - මහ ජන ගඟින් භූමිය වැසී ගිහින්
01:13