වැඩි ශබ්දයෙන් පිරිත් දැමූ වරදට හිමිනමකට ලැබුණු දඬුවම

භික්ෂූන්වහන්සේ නමකට මුගුරකින් සහ අතින් පයින් පහර දී ඇති පුවතක් ඇල්පිටිය ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.

මෙලෙස පහරකෑමට ලක්ව ඇත්තේ ඇල්පිටිය වල්අඹගල බෙරලියමුකලාන සත්බෝධි තපෝවන ආරණ්‍ය සේනාසන වාසී හිමිනමක්.

උන්වහන්සේ විසින් සිදු කළ පිරිත් විකාශනයක ශබ්දය වැඩි බව පවසමින් මෙම පහරදීම සිදු කොට ඇති බව යි වාර්තා වන්නේ.

මෙම හිමිනම ශබ්ද විකාශන යන්ත්‍රයක් භාවිත කරමින් ශබ්ද නගා පිරිත් දේශනා විකාශනය කිරීමට පටන්ගෙන ඇත්තේ පසුගිය දිනෙක යි.

ඒ සඳහා භාවිත කළ ශබ්ද විකාශන යන්ත්‍රය අසළම පිහිටි නිවසක පුද්ගලයෙකු, අදාළ පිරිත් දේශනාවෙහි ශබ්දය අධික බව පවසා එය නවතා දමන ලෙසට අවස්ථා කිහිපයක දී  හිමිනමගෙන් ඉල්ලා ඇති බව සඳහන්.

කෙසේ වෙතත් රටේ පවතින වසංගත තත්ත්වය නිසා රටටත් ජනතාවටත් සෙත්පැතීමට බව පවසමින් අදාළ හිමිනම මෙම පිරිත් විකාශය දිගටම සිදු කොට ඇති අතර දිනපතා උදෑසන සහ සවස එය ක්‍රියාත්මක කොට තිබෙනවා.

පසුගිය දා උදෑසන පිරිත් විකාශය ආරම්භ කරද්දීම ශබ්ද විකාශන යන්ත්‍රය අසළ පිහිටි නිවසෙහි හිමිකරු පැමිණ හිමිනමට පොල්ලකින් සහ අතපය යොදා පහර දී ඇති අතර අදාළ හිමිනම මේ පිළිබඳ පොලීසියට පැමිණිලි කොට ඇල්පිටිය රෝහලට ඇතුළත් වී තිබෙනවා.

පහර දුන් තැනැත්තා ප්‍රදේශයෙන් පළා ගොස් ඇති බව යි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන..දැකපු දෙස් විදෙස් අයත් මවිත වුණ දේ
01:33
Video thumbnail
Kasthirama | "යළි ගොඩනැගෙන්නට සවිය අවැසි හෙට දවස" - කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:25:26
Video thumbnail
මෙන්න කාළගුණයේ වෙන්න යන නොසිතූ වෙනස..අත්‍යවශ්‍ය වැඩවලට විතරක් එළියට යන්න
04:02


?