වැඩි ශබ්දයෙන් පිරිත් දැමූ වරදට හිමිනමකට ලැබුණු දඬුවම

භික්ෂූන්වහන්සේ නමකට මුගුරකින් සහ අතින් පයින් පහර දී ඇති පුවතක් ඇල්පිටිය ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.

මෙලෙස පහරකෑමට ලක්ව ඇත්තේ ඇල්පිටිය වල්අඹගල බෙරලියමුකලාන සත්බෝධි තපෝවන ආරණ්‍ය සේනාසන වාසී හිමිනමක්.

උන්වහන්සේ විසින් සිදු කළ පිරිත් විකාශනයක ශබ්දය වැඩි බව පවසමින් මෙම පහරදීම සිදු කොට ඇති බව යි වාර්තා වන්නේ.

මෙම හිමිනම ශබ්ද විකාශන යන්ත්‍රයක් භාවිත කරමින් ශබ්ද නගා පිරිත් දේශනා විකාශනය කිරීමට පටන්ගෙන ඇත්තේ පසුගිය දිනෙක යි.

ඒ සඳහා භාවිත කළ ශබ්ද විකාශන යන්ත්‍රය අසළම පිහිටි නිවසක පුද්ගලයෙකු, අදාළ පිරිත් දේශනාවෙහි ශබ්දය අධික බව පවසා එය නවතා දමන ලෙසට අවස්ථා කිහිපයක දී  හිමිනමගෙන් ඉල්ලා ඇති බව සඳහන්.

කෙසේ වෙතත් රටේ පවතින වසංගත තත්ත්වය නිසා රටටත් ජනතාවටත් සෙත්පැතීමට බව පවසමින් අදාළ හිමිනම මෙම පිරිත් විකාශය දිගටම සිදු කොට ඇති අතර දිනපතා උදෑසන සහ සවස එය ක්‍රියාත්මක කොට තිබෙනවා.

පසුගිය දා උදෑසන පිරිත් විකාශය ආරම්භ කරද්දීම ශබ්ද විකාශන යන්ත්‍රය අසළ පිහිටි නිවසෙහි හිමිකරු පැමිණ හිමිනමට පොල්ලකින් සහ අතපය යොදා පහර දී ඇති අතර අදාළ හිමිනම මේ පිළිබඳ පොලීසියට පැමිණිලි කොට ඇල්පිටිය රෝහලට ඇතුළත් වී තිබෙනවා.

පහර දුන් තැනැත්තා ප්‍රදේශයෙන් පළා ගොස් ඇති බව යි වාර්තා වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දෙමළ ඊළම ගැන කිව්ව නිළියට අපි සමාව දෙමු
00:44
Video thumbnail
22 සංශෝධනයට එකඟ වෙන ආශු මාරසිංහ - ඓතිහාසික වැරැද්ද හදන එක නම් මම ඒකට එකඟයි
02:00
Video thumbnail
සජිත් එක්ක විරෝධතාවයට ආපු අය අපිත් එක්කත් ෆොටෝ ගැහුවා
04:06
Video thumbnail
පාර්ලිමේන්තුව ඉස්සරහා ලොකු වලියක් - හරකා උනාට උම්බෑ කියන්න එපා ඕයි
04:45
Video thumbnail
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ඕනෑම ආපදාවකට සූදානම් - ත්‍රිවිධ හමුදාව යොදවලා තියෙන්නේ
04:51
Video thumbnail
පොලිස්පතිට තර්ජනය කළා කියන නඩුවට සාගර උසාවියට ආ හැටි
01:01
Video thumbnail
එජාපයත්, සජබයත් එකතුවෙලා ඉවරයි - අපි මේ ආණ්ඩුව පළවාහරිනවා
04:50
Video thumbnail
බටහිර වෙරළ තීරයේ සුළං සහ මුහුදු රළ දැඩිවෙයි - ධීවරයින් එදිනෙදා ධීවර කටයුතුවලින් ඈත්වෙයි
01:32
Video thumbnail
අගමැතිතුමිය 22ට විරුද්ධව ඡන්දේ දෙනවා ලු - හෙට බලාගන්න පුළුවන්
00:42
Video thumbnail
දූෂිතයාට දඬුවම් දෙන්නේ කොහොමද කියලා අපි බලාගෙන ඉන්නවා
08:59