වැඩබලන ජනාධිපති ලෙස රනිල් පත් කෙරේ

ශ්‍රී ලංකාවේ වැඩබලන ජනාධිපතිවරයා ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පත් කර තිබේ. ඒ බව කතානායක වරයා මිට සුළු මොහොතකට පෙර දැනුම් දුන්නා.ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව රටේ කටයුතු පවත්වාගෙන යාම සඳහා ශ්‍රී ලංකාවේ වැඩබලන ජනාධිපතිවරයා ලෙස පත් කර තිබෙනවා.

  1. රට යන අත හොදනැත. එහි කිසිම තර්කයක් නැත. දැනට පාරිලීමේන්තුවේ සිටින බහුතරකක් පහුගිය වසර විස්සකට ආසන්න කාලයක් බලයේ සිටිය ඒ ඒ පක්ශ වලින් අමාත්‍යධූර දැරූ අතර හොරාකෑවා විනා රට වෙනුවෙන් කල කිසිම දෙයක් නැත එමනිසා 225 න් කවුරුවත් මේ රට හදාවී යැයි සිතන්නේ අදබාලයන් පමනි. එවැන්නන් ලංකාවේ බහුතරක් සිටී. අද්‍යාපනයෙන් කොපමන ඉහලට ගියද මෝඩකම බිදකුදු අඩුවී නැත. ඔවුන් සිතන්නේ තමන් කැමති දේශපාලකයා ඇවිත් රට බේරා ගනී කියලාය. ඔය කෝච්චි වල වහලේ හිට නැගී එන අරගල කරුවන් බොහෝමයක් දැනටමත් හිතින් රටේ නායකයෙකු පත් කරගෙන ඇත. ඒ අර 225 න් එක් අයෙකුය. ඉතින් ඔවුන් කරන අරගලයෙන් පලක් නැත. 225 ම එපා කියූ සුන්දර අරගලය විවිද නූල් සූත්තර කරුවන් විසින් බොදකර දමා කුහකයින් රොත්තක් බලයට ගෙනෙන අරගලයක් බවට මෙය පරිවර්තනය කර ඇත. ඉතින් මේ අරගලය කවදාවත් නිම වෙන්නේ නැත. හේතුව ඔය 225 න් එකෙකුට වත් මේ ප්‍රශ්නය විසදීමට නොහැකි වීමය. මෙය තව තවත් උඩු දුවනවා විනා වෙන කිසිම දයක් සිදු නොවේ. එමනිසා අරගලය නැවත වරක් reform වියයුතුමය. රනිල්ව පැන්නීම ගෝටා පැන්නුව තරම් ලේසි නොවේ. ඔහු අතීතයේ බටලන්දේ වදකයා නමින් ප්‍රසිද්ධ වූයේ, ඔහු හොදින් නැත්නම් නරකින් වැඩේ කරන නිසාය. වෙන කිසි කලෙක හමුනොවූ ලෙස ඔහුට දැන් ජනාදිපති පුටුව ලැබී ඇත. ඔහු රාජකීයයෙකි. සෘජු නායකයෙකි, වදකයෙකි, ඔහු හොදින් හෝ නරකින් මෙය කරාවි. දැන් ඔබලා පැතූ හිට්ලර් 69 ලක්ශයක් වූ ඔබලාටත් එසේ නොවූ අපටත් ලැබී ඇත. දැන් හොදම හරිය බැලීමට සූදානම් වෙමු.
    කුමන කතාව කෙසේ කීවත්, රටකර නීතියක් අවශ්‍යමය. රටේ ජනතාව එරටේ නිතියට භය විය යුතුය, ගරු කල යුතුය. එසේ නැතුව නීතිය සමග සෙල්ලම් කිරීමට ඉඩදුන් නිවට නියාලු ගෝටාට වඩා රනිල් කෙලින් මිනිහෙකි. නායකයෙකු වීමට එම ලක්ශනයම ඇති කියා ඔහු සිතනු නොඅනු මානය. එමනිසා මෙම ප්‍රශ්නය තව තවත් උඩු දුවනු ඇත. කෙසේ වෙතත් මෝඩයින්ට ප්‍රජාතන්ත්‍රවාදය තේරෙන්නේ නිවට කමක් ලෙසිනි. එවිට උන් රෙද්ද ලිහා බැලීමටම එයි.