වසරක් තුළ විශේෂඥ වෛද්‍යවරු විසිහතරක් විදේශගත වෙයි

පසුගිය වසරේ අප්‍රේල් මස සිට මෙම වසරේ අප්‍රේල් දක්වා කාලසීමාව තුළදී මෙරට සෞඛ්‍ය පද්ධතියේ සේවය කළ විශේෂඥ වෛද්‍යවරුන් විසි හතරදෙනක්ගේ පමණ සේවය මෙරටට අහිමි වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය දත්ත මත පදනම්ව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව පවසනවා.

ඔවු විසින් තොරතුරු දැනගැනීමේ පනත යටතේ සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉල්ලා සිටින ලද තොරතුරු මත එහි කෘතික සත්කාර සේවා අධ්‍යක්ෂ ප්‍රියන්ත අතපත්තු විසින් නිකුත් කරන ලද වාර්තාවකට අනුව ඔහු මේ බව සඳහන් කළා.

මෙම වාර්තාවට අනුව මෙරට සේවය කළ යුතු විශේෂඥ වෛද්‍යවරුන් සංඛ්‍යාව 3181 ක් වන අතර, මේ වන විට සේවය කරන විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංඛ්‍යාව 2042 ක් වනවා.

මේ අනුව නිර්වින්දන වෛද්‍යවරුන් දෙසීයකගේ පමණ හිඟයක්ද, කායික විශේෂඥ වෛද්‍යවරුන් එකසිය පනහක පමණ හිඟයක්ද ශල්‍ය විශේෂඥ වෛද්‍යවරුන් සියයක පමණ හිඟයක් ද, නාරි හා ප්‍රසව වෛද්‍යවරුන් සියයක පමණ හිඟයක්ද, ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන් සියයකට ආසන්න හිඟයක්ද පවතින බව වර්තාවේ සඳහන් වී තිබෙනවා.

එමෙන්ම රට තුළ සේවය කළ යුතු අධිකරණ වෛද්‍ය විශේෂඥ වෛද්‍යවරුන්ගේ ප්‍රමාණය හැට හතරක් වන නමුත් දැනට සේවය කරන්නේ 41 දෙනෙකු බවද සඳහන් වනවා.

තවද අස්ථි ශල්‍ය විශේෂඥ වෛද්‍යවරුන් සියයකට ආසන ප්‍රමාණයක් සේවය කළ යුතු වුවත් දැනට ශ්‍රී ලංකාව තුළ සේවය කරන්නේ වෛද්‍යවරුන් 47 දෙනෙක් පමණයි.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහ පශ්චාත් උපාධිය අධ්‍යන ආයතනය මෙම තත්ත්වය කෙරෙහි අවධානය යොමු කොට රට තුළ සේවය කරන විශේෂඥ වෛද්‍යවරුන් ප්‍රමාණය වැඩිකර ගැනීමටත් පුහුණුව ලබන වෛද්‍යවරුන් රට තුළ රඳවා ගැනීමටත් ප්‍රතිපත්ති සකස් විය යුතු බව වෛද්‍ය චමල් සංජීව අවධාරණය කාරනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
0
+1
0
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිහින්තලේ හිමි බැහැ දකින්න ගිය විජයදාස රාජපක්ෂ.."අද මූල්‍ය කළමණාකරණය බිංදුවටම වැටිලා"
04:23
Video thumbnail
ක්‍රිකට් ආයතනය ඉදිරිපිට දැඩි උණුසුම්.."බුකී ශම්මි අපිට එපා..ශම්ම් ශම්මි Go Home.."
01:08
Video thumbnail
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් දැඩි ප්‍රකාශයක්..බූලිවලට තෙල් එකතු කරන්න ගිහින් අමාරුවේ වැ#න්න එපා
07:33
Video thumbnail
අධ්‍යාත්මික නායකයා ඝා#නයේ සතුට සමරන ඉරාන වැසියන්..කට්ටිය උඩ පැන පැන සතුට සමරන්නේ
00:46
Video thumbnail
කිසිදු අනියත බියක් ඇතිකර ගත යුතු නැහැ..දින 37 - 45කට අවශ්‍ය ඉන්ධන තියෙනවා..
03:50
Video thumbnail
අයතුල්ලා අලි කමේනි ඝා#නය වූ පුවත අසා ඉරාන වැසියන් කණු බදාගෙන හඬා වැලපෙයි
00:53
Video thumbnail
"රත්තරනේ..ඇයි මාව තනි කරලා ගියේ" පෙරලුණු ධීවර යාත්‍රාවේ සිටි තරුණයෙකුගේ සිරුරක් හමුවෙයි
03:49
Video thumbnail
ඉන්ධන මිල ගැන මිනිසුන්ගෙන් චෝදනා..ඉන්ධන පෝළිම් මැද මිනිස්සු බූලිවලට තෙල් පු‍රවන් යන හැටි..
02:28
Video thumbnail
එදා අරගලයට බැහැලම හිටපු කහඳගම අරගලය ගැන අද කියන කතාව.."මම හැමදාම කරන්නේ මෛත්‍රී කරන එක තමයි"
02:17
Video thumbnail
ඇල්ල වැල්ලවාය මාර්ගයේ යතුරුපැදියක් ප්‍රපාතයකට පෙරළීමෙන් බිහිසුණු අනතුරක්
03:06