වසරක් තුළ විශේෂඥ වෛද්‍යවරු විසිහතරක් විදේශගත වෙයි

පසුගිය වසරේ අප්‍රේල් මස සිට මෙම වසරේ අප්‍රේල් දක්වා කාලසීමාව තුළදී මෙරට සෞඛ්‍ය පද්ධතියේ සේවය කළ විශේෂඥ වෛද්‍යවරුන් විසි හතරදෙනක්ගේ පමණ සේවය මෙරටට අහිමි වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය දත්ත මත පදනම්ව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව පවසනවා.

ඔවු විසින් තොරතුරු දැනගැනීමේ පනත යටතේ සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉල්ලා සිටින ලද තොරතුරු මත එහි කෘතික සත්කාර සේවා අධ්‍යක්ෂ ප්‍රියන්ත අතපත්තු විසින් නිකුත් කරන ලද වාර්තාවකට අනුව ඔහු මේ බව සඳහන් කළා.

මෙම වාර්තාවට අනුව මෙරට සේවය කළ යුතු විශේෂඥ වෛද්‍යවරුන් සංඛ්‍යාව 3181 ක් වන අතර, මේ වන විට සේවය කරන විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංඛ්‍යාව 2042 ක් වනවා.

මේ අනුව නිර්වින්දන වෛද්‍යවරුන් දෙසීයකගේ පමණ හිඟයක්ද, කායික විශේෂඥ වෛද්‍යවරුන් එකසිය පනහක පමණ හිඟයක්ද ශල්‍ය විශේෂඥ වෛද්‍යවරුන් සියයක පමණ හිඟයක් ද, නාරි හා ප්‍රසව වෛද්‍යවරුන් සියයක පමණ හිඟයක්ද, ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන් සියයකට ආසන්න හිඟයක්ද පවතින බව වර්තාවේ සඳහන් වී තිබෙනවා.

එමෙන්ම රට තුළ සේවය කළ යුතු අධිකරණ වෛද්‍ය විශේෂඥ වෛද්‍යවරුන්ගේ ප්‍රමාණය හැට හතරක් වන නමුත් දැනට සේවය කරන්නේ 41 දෙනෙකු බවද සඳහන් වනවා.

තවද අස්ථි ශල්‍ය විශේෂඥ වෛද්‍යවරුන් සියයකට ආසන ප්‍රමාණයක් සේවය කළ යුතු වුවත් දැනට ශ්‍රී ලංකාව තුළ සේවය කරන්නේ වෛද්‍යවරුන් 47 දෙනෙක් පමණයි.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහ පශ්චාත් උපාධිය අධ්‍යන ආයතනය මෙම තත්ත්වය කෙරෙහි අවධානය යොමු කොට රට තුළ සේවය කරන විශේෂඥ වෛද්‍යවරුන් ප්‍රමාණය වැඩිකර ගැනීමටත් පුහුණුව ලබන වෛද්‍යවරුන් රට තුළ රඳවා ගැනීමටත් ප්‍රතිපත්ති සකස් විය යුතු බව වෛද්‍ය චමල් සංජීව අවධාරණය කාරනු ලැබුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තරුණියකගේ දුරකථයක් ඉස්සූ සොරාට ගම්මු එකතුවෙලා ගුටි පූජාවක් දෙයි
01:24
Video thumbnail
කැමරා ප්‍රදර්ශනයක් බලන්න ගිය සජිත්ව හතර වටින්ම වට කරගෙන කට්ටිය සෙල්ෆි ගහයි
02:51
Video thumbnail
ජනපති අනුර කුමාර සහභාගීවන ජාතික විද්වත් සංවිධානයේ ජාතික සමුළුව
00:00
Video thumbnail
ජාතික විද්වත් සංවිධානයේ වේදිකාවට ජනපති අනුර ගැම්මට ආපු හැටි - මිනිස්සු නැගිටලා ප්‍රීති ඝෝෂා නගයි
01:28
Video thumbnail
ලෝකයේ අර්බුදයක් තියෙනවා කියලා අපිට අමතකවෙලා - සමස්ත බර බදු මුදල්වලින් දරාගෙන ඉන්නේ
02:49
Video thumbnail
උඩුවර නව කොළනිය ගල් පෙරලීමේ අවදානමක්..තවත් ගල් ගැලවෙන්න පුළුවන් ?
00:51
Video thumbnail
"පුතේ ජීවිතේ කෙටි පාරවල් නෑ.."අගමැතිනිය ළමයි ඉදිරියේ කිව්ව සුපිරි කතාව
03:24
Video thumbnail
වෙස් මූණු බැඳන් ආවට මේ ඉන්නේ පරණ සුද්දවන්තයෝ - පොලිස්පතිව ඔඩොක්කුවේ තියාගෙන වැජඹෙන්න හදන්නේ
07:49
Video thumbnail
බස් රථයක් පුද්ගලයෙක්ව අනතුරට පත්කර පලා යන අයුරු - CCTV කැමරාවේ සටහන් වුණේ මෙලෙසින්
00:30
Video thumbnail
පාදයක ආබාධයක් සහිතව ආනපල්ලම ගමට කඩා වැදුණු අලියා - අලියගේ ජීවිතය අනතුරේ
00:36