AFC Banner
AFC Banner
Empty Ad

වම් ඇසට කළ යුතු සැත්කම වැරදී දකුණු ඇසට කරලා – දරුවාගේ දෙමාපියෝ රෝහල දෙවනත් කරති

ඉන්දියාවේ ග්‍රේටර් නොයිඩා ප්‍රාන්තයේ වෛද්‍යවරයෙකු විසින් සත් හැවිරිදි දරුවෙකු ව වැරදි ශල්‍යකර්මයකට භාජනය කර තිබෙනවා.

ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ එම දරුවා ඇසෙහි සිදු කළ යුතු ශල්‍ය කර්මයකට රෝහල්ගත කර තිබූ බවයි.

ශල්‍ය වෛද්‍යවරයා විසින් සිදු කරනු ලැබ ඇත්තේ වම් ඇසෙහි ශල්‍යකර්මයක් නොව දකුණු ඇසෙහි එම ශල්‍යකර්මය සිදු කර ඇති බවටයි වාර්තා වන්නේ.

වෛද්‍යවරයාගේ නොසැලකිල්ල හේතුවෙන් වම් ඇසේ සැත්මකට ගිය මෙම පිරිමි දරුවා හට දකුණු ඇසෙහි ශල්‍යකර්මය සිදු කිරීමෙන් දැඩි අපහසුතාවක් සිදු ව ඇති බවත් දරුවාගේ වම් ඇසට නිරතුරුව කඳුලු බිඳු එන හෙයින් වෛද්‍ය උපදෙස් මත මෙම ශල්‍ය කර්මයට භාජනය කළ බවයි.

මෙම සිදුවීම Sector Gamma 1 හි Anand Spectrum රෝහලේ දී යි සිදු ව ඇත්තේ.

දරුවාගේ පියා වන නිතින් භාති ප්‍රකාශ කර ඇත්තේ; පරීක්ෂණයෙන් පසු වෛද්‍ය ආනන්ද් වර්මා ඔවුන්ට පැවසුවේ දරුවාගේ ඇසෙහි ප්ලාස්ටික් වැනි වස්තුවක් ඇති බවත් එය සැත්කමකින් සුව කළ හැකි බවයි.

ඒ සඳහා ඉන්දීය රුපියල් 45000ක මුදලක් වැය කර ඇති බව ද වාර්තා වනවා.

7-හැවිරිදි දරුවා ශල්‍යකර්මයකට යයි, ග්‍රේටර් නොයිඩා වෛද්‍යවරයා වැරදි ඇසකට සැත්කමක් කරයි
වෛද්‍යවරයා ඔවුන්ට පැවසුවේ පිරිමි ළමයාගේ ඇසේ ප්ලාස්ටික් වැනි වස්තුවක් ඇති බවයි.

දරුවාගේ පවුලේ ඥාතීන් රෝහලේ දී වෛද්‍ය කාර්‍යය මණ්ඩලය සමග දැඩි කලබලයක් ඇති කරගෙන ඇති බවත් ඉන් අනතුරුව ගෞතම් බුද්ධ නගර් හි ප්‍රධාන වෛද්‍ය නිලධාරී (CMO) වෙත පැමිණිල්ලක් ද ගොනු කර ඇති බවත් පැවසෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
0
+1
3
+1
4
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?