වම් ඇසට කළ යුතු සැත්කම වැරදී දකුණු ඇසට කරලා – දරුවාගේ දෙමාපියෝ රෝහල දෙවනත් කරති

ඉන්දියාවේ ග්‍රේටර් නොයිඩා ප්‍රාන්තයේ වෛද්‍යවරයෙකු විසින් සත් හැවිරිදි දරුවෙකු ව වැරදි ශල්‍යකර්මයකට භාජනය කර තිබෙනවා.

ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ එම දරුවා ඇසෙහි සිදු කළ යුතු ශල්‍ය කර්මයකට රෝහල්ගත කර තිබූ බවයි.

ශල්‍ය වෛද්‍යවරයා විසින් සිදු කරනු ලැබ ඇත්තේ වම් ඇසෙහි ශල්‍යකර්මයක් නොව දකුණු ඇසෙහි එම ශල්‍යකර්මය සිදු කර ඇති බවටයි වාර්තා වන්නේ.

වෛද්‍යවරයාගේ නොසැලකිල්ල හේතුවෙන් වම් ඇසේ සැත්මකට ගිය මෙම පිරිමි දරුවා හට දකුණු ඇසෙහි ශල්‍යකර්මය සිදු කිරීමෙන් දැඩි අපහසුතාවක් සිදු ව ඇති බවත් දරුවාගේ වම් ඇසට නිරතුරුව කඳුලු බිඳු එන හෙයින් වෛද්‍ය උපදෙස් මත මෙම ශල්‍ය කර්මයට භාජනය කළ බවයි.

මෙම සිදුවීම Sector Gamma 1 හි Anand Spectrum රෝහලේ දී යි සිදු ව ඇත්තේ.

දරුවාගේ පියා වන නිතින් භාති ප්‍රකාශ කර ඇත්තේ; පරීක්ෂණයෙන් පසු වෛද්‍ය ආනන්ද් වර්මා ඔවුන්ට පැවසුවේ දරුවාගේ ඇසෙහි ප්ලාස්ටික් වැනි වස්තුවක් ඇති බවත් එය සැත්කමකින් සුව කළ හැකි බවයි.

ඒ සඳහා ඉන්දීය රුපියල් 45000ක මුදලක් වැය කර ඇති බව ද වාර්තා වනවා.

7-හැවිරිදි දරුවා ශල්‍යකර්මයකට යයි, ග්‍රේටර් නොයිඩා වෛද්‍යවරයා වැරදි ඇසකට සැත්කමක් කරයි
වෛද්‍යවරයා ඔවුන්ට පැවසුවේ පිරිමි ළමයාගේ ඇසේ ප්ලාස්ටික් වැනි වස්තුවක් ඇති බවයි.

දරුවාගේ පවුලේ ඥාතීන් රෝහලේ දී වෛද්‍ය කාර්‍යය මණ්ඩලය සමග දැඩි කලබලයක් ඇති කරගෙන ඇති බවත් ඉන් අනතුරුව ගෞතම් බුද්ධ නගර් හි ප්‍රධාන වෛද්‍ය නිලධාරී (CMO) වෙත පැමිණිල්ලක් ද ගොනු කර ඇති බවත් පැවසෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය
00:49
Video thumbnail
කැමරාවේ සටහන් වූ අදාහා ගත නොහැකි දේ
00:49
Video thumbnail
නාමල් කරුණාරත්න ගැම්මට කිව්ව කතාව - වේගයෙන්ම සංවර්ධනය වන රටවලින් ලංකාව 4වෙනි තැනට ආවනේ
02:24
Video thumbnail
පොහොර ගැන කිසි ප්‍රශ්නයක් තියාගන්න එපා..හිඟයකින් තොරව දෙනවා
02:57
Video thumbnail
ජන බලයෙන් කළ හැකිදේ හෑල්ලුවට ලක් කරන්න එපා - සජිත් සැරවෙයි
13:18
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය - කට්ටිය බැහැලම වැඩ
01:22
Video thumbnail
නිලධාරියෙක් නීතිය උල්ලංඝණය කළත් තනතුර නොබලා දඬුවම් කරනවා - හර්ෂණගෙන් සැර කතාවක්
04:15
Video thumbnail
බන්ධනාගාර තදබදය ගැන හර්ෂණ කට අරියි - බන්ධනාගාරයේ බිත්ති හතර ඇතුළේ තියෙන ප්‍රශ්නයක්ම නෙවෙයි
03:21
Video thumbnail
සීට් බෙල්ට් නීතිය අකුරටම ක්‍රියාත්මක කරන පොලිසිය
01:15
Video thumbnail
සිව් දෙනෙක් දිය රකුසට හ#වූ ඛේදවාචකය
01:17