වඳුරන්, රිලවුන්, දඬුලේනුන් සහ මොණරුන් ගණන් කරන්න 15 වනදා ලෑස්ති වෙන්න (වීඩියෝ)

බෝගවලට හානි සිදුකරන වනජීවීන් පිළිබඳ සංගණනයක් පැවැත්වීමට කෘෂිකර්ම අමාත්‍යංශය තීරණය කර තිබෙනවා.

ඒ අනුව එම සංගණනය මාර්තු මස 15 වන සෙනසුරාදා පැවැත්වීමටයි සැලසුම්කර ඇත්තේ.

එදින උදෑසන 8.00 සිට 8.05 දක්වා කාල සීමාව තුළ තම ගෙවත්ත, වගා බිම, පාසල, පුණ්‍ය භූමි හා වෙනත් පොදු ස්ථාන නිරීක්ෂණය කර එම අවස්ථාවේ තමාට අදාළ පරිශ්‍රයේ සිටින වඳුරන්, රිලවුන්, දඬු ලේනුන් සහ මොණරුන් සංඛ්‍යාව ගණන් කර සංගණන පත්‍රිකාවේ සටහන් කිරීම සිදුකළ යුතු වනවා.

මෙම සංගණනය මඟින් බෝග වගාව සඳහා හානි පමුණුවන වනජීවීන්ගේ ප්‍රමාණය තක්සේරු කිරීම ප්‍රධාන අරමුණු වනවා.

මෙම සංගණනය ග්‍රාම නිලධාරි වසම් පාදක කරගෙන පැවැත්වෙන බැවින් ග්‍රාම නිලධාරිවරයාගේ මූලිකත්වයෙන් සහ සමෘද්ධි සංවර්ධන නිලධාරි, ආර්ථික සංවර්ධන නිලධාරි, කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාරවරුන්ගේ සහයෝගයෙන් සිදුකරනු ලබනවා

මේ පිළිබඳව දැනුවත් කිරිම, සංගණන පත්‍රිකා නිවෙස් හා අනෙකුත් පරිශ්‍ර වෙත බෙදාදීම සහ සංගණනයෙන් පසු පත්‍රිකා නැවත එකතු කර ගැනීම යන වගකීම් ග්‍රාම නිලධාරී සමෘද්ධි සංවර්ධන නිලධාරී, ආර්ථික සංවර්ධන නිලධාරී, කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාරවරයා වෙත පවරා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
4
+1
0
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතාව අස්සේ අර්චුනාට ආ කෑම ප්‍රශ්නය.."මොන මඟුල් පාර්ලිමේන්තුවක්ද මේක..කෑම නෑ පාර්ලිමේන්තුවේ
01:19
Video thumbnail
"මෙරට සිදුවූ සෑම ව්‍යසනයකදීම සාක්ෂිකාරයින් වුණේ පොලිසිය"වැටිච්ච තැනින් නැගිටින්න මේ හොඳම අවස්ථාව
10:21
Video thumbnail
විමල් වීරවංශ අපේ නායකයා හිටියනම් අද එක්කෝ ජනාධිපති නැත්තම් අගමැති වෙන්න තිබුණා
10:22
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13
Video thumbnail
අජිත්ගේ අධි නීතිඥකමක් නිසා සජිත් හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි.."රටේ අධි නීතිඥ කියලා තනතුරක් නෑ"
03:46
Video thumbnail
පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ රාජපක්ෂලා..වැස්ස නවත්තන්න ඇයි අනුර, වැහි දෙයියො ද ?
10:37


?