වඳුරන්, රිලවුන්, දඬුලේනුන් සහ මොණරුන් ගණන් කරන්න 15 වනදා ලෑස්ති වෙන්න (වීඩියෝ)

බෝගවලට හානි සිදුකරන වනජීවීන් පිළිබඳ සංගණනයක් පැවැත්වීමට කෘෂිකර්ම අමාත්‍යංශය තීරණය කර තිබෙනවා.

ඒ අනුව එම සංගණනය මාර්තු මස 15 වන සෙනසුරාදා පැවැත්වීමටයි සැලසුම්කර ඇත්තේ.

එදින උදෑසන 8.00 සිට 8.05 දක්වා කාල සීමාව තුළ තම ගෙවත්ත, වගා බිම, පාසල, පුණ්‍ය භූමි හා වෙනත් පොදු ස්ථාන නිරීක්ෂණය කර එම අවස්ථාවේ තමාට අදාළ පරිශ්‍රයේ සිටින වඳුරන්, රිලවුන්, දඬු ලේනුන් සහ මොණරුන් සංඛ්‍යාව ගණන් කර සංගණන පත්‍රිකාවේ සටහන් කිරීම සිදුකළ යුතු වනවා.

මෙම සංගණනය මඟින් බෝග වගාව සඳහා හානි පමුණුවන වනජීවීන්ගේ ප්‍රමාණය තක්සේරු කිරීම ප්‍රධාන අරමුණු වනවා.

මෙම සංගණනය ග්‍රාම නිලධාරි වසම් පාදක කරගෙන පැවැත්වෙන බැවින් ග්‍රාම නිලධාරිවරයාගේ මූලිකත්වයෙන් සහ සමෘද්ධි සංවර්ධන නිලධාරි, ආර්ථික සංවර්ධන නිලධාරි, කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාරවරුන්ගේ සහයෝගයෙන් සිදුකරනු ලබනවා

මේ පිළිබඳව දැනුවත් කිරිම, සංගණන පත්‍රිකා නිවෙස් හා අනෙකුත් පරිශ්‍ර වෙත බෙදාදීම සහ සංගණනයෙන් පසු පත්‍රිකා නැවත එකතු කර ගැනීම යන වගකීම් ග්‍රාම නිලධාරී සමෘද්ධි සංවර්ධන නිලධාරී, ආර්ථික සංවර්ධන නිලධාරී, කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාරවරයා වෙත පවරා තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සුරේෂ් සලේගේ දැන් තත්ත්වය නලින්ද හෙළිකරයි - ප්‍රශ්නයක් නෑ - හොඳට කනවා බොනවා
01:40
Video thumbnail
ගුවන්යානා මිලදී ගද්දි කොමිස් මුදල අනිවාර්යයිද ? අංගුලිමාලට සමාව දුන්නා වගේ සමාව දෙන්න පුළුවන්ද ?
01:36
Video thumbnail
අර්චුනාට වසර 20ට වැඩි සිර දඬුවම්..?
11:48
Video thumbnail
ජනපති කිව්ව "කොත්තමල්ලි"කතාව ගැන නලින්ද හෙළිකරයි - දේශීය වෙදකමට මුල් තැනද දුන්නේ ?
06:17
Video thumbnail
දැඩි විවේචන මැද 22ක සම්මත කරනවද ? ශ්‍රේෂ්ඨාධිකරණය විශ්වාස නිසානේ පෙත්සම් දුන්නේ
02:03
Video thumbnail
අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව උණුසුම් කළ ප්‍රශ්නය
09:19
Video thumbnail
රුමේෂ්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් රජය මැදිහත් වෙන්න සැරසෙයි - අපේ රටට ලොකු සම්පතක්
01:26
Video thumbnail
ඖෂධ හිඟය ගැන ඇමති නලින්ද පිළිතුරු දෙයි - ඔබ දැන් කියන්න කොහෙද ප්‍රශ්නය තියෙන්නේ කියලා ?
04:12
Video thumbnail
අධිකරණය දුන් රහසිගත තීන්දුව ජනාධිපතිවරයා දන්නේ කොහොමද..?
07:08
Video thumbnail
මේ ආණ්ඩුවට වඩා හොඳ කට්ටියක් සජබයේ ඉන්නවා
01:27