වන අලියෙක් ගින්නෙන් පුලුස්සා හිංසා කරන ආකාරය දැක්වෙන වීඩියෝවක් පසුගිය දින කිහිපයේදී සමාජ මාධ්‍ය තුළ සංසරණය වුණා.
වන අලියා මිහින්තලය පොලිස් වසමේ සීප්පුකුලම ප්‍රදේශයේ දී මියගොස් ඇති අතර වන අලියා මියයාම සම්බන්ධව සිදු කරන ලද පශ්චාත් මරණ පරීක්ෂණයේ දී වකුගඩු හා අක්මාවේ ඇති වූ රෝගී තත්ත්වය හා පිළිස්සීමෙන් භීතියට පත්වීම යන කරුණු හේතුවෙන් මරණයට පත්ව ඇති බවට නිගමනය කර තිබෙනවා.
ඒ අනුව, ඊයේ (17) දින සවස් කාලයේ මිහින්තලය පොලිස් වසමේ සීප්පුකුලම ප්‍රදේශයේ දී මෙම වන අලියාට ගිනි තබා සත්ව හිංසාව සිදු කිරීමේ වරදට මිහින්තලය පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වනවා.
සැකකරුවන් අවුරුදු 42, 48 හා 50 වයස්වල පසුවන සීප්පුකුලම ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි පොලිසිය සඳහන් කළේ.
සැකකරුවන් අද (18) දින අනුරාධපුරය ගරු මහේස්ත්‍රාත් අධිකරණය වෙතඉදිරිපත් කිරීමට නියමිතව ඇති අතර මිහින්තලය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.















