වන අලියෙක්ට නොමිනිස් වැඩක් කළ තිදෙනා අත්අඩංගුවට

වන අලියෙක් ගින්නෙන් පුලුස්සා හිංසා කරන ආකාරය දැක්වෙන වීඩියෝවක් පසුගිය දින කිහිපයේදී සමාජ මාධ්‍ය තුළ සංසරණය වුණා.

වන අලියා මිහින්තලය පොලිස් වසමේ සීප්පුකුලම ප්‍රදේශයේ දී මියගොස් ඇති අතර වන අලියා මියයාම සම්බන්ධව සිදු කරන ලද පශ්චාත් මරණ පරීක්ෂණයේ දී වකුගඩු හා අක්මාවේ ඇති වූ රෝගී තත්ත්වය හා පිළිස්සීමෙන් භීතියට පත්වීම යන කරුණු හේතුවෙන් මරණයට පත්ව ඇති බවට නිගමනය කර තිබෙනවා.

ඒ අනුව, ඊයේ (17) දින සවස් කාලයේ මිහින්තලය පොලිස් වසමේ සීප්පුකුලම ප්‍රදේශයේ දී මෙම වන අලියාට ගිනි තබා සත්ව හිංසාව සිදු කිරීමේ වරදට මිහින්තලය පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වනවා.

සැකකරුවන් අවුරුදු 42, 48 හා 50 වයස්වල පසුවන සීප්පුකුලම ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි පොලිසිය සඳහන් කළේ.

සැකකරුවන් අද (18) දින අනුරාධපුරය ගරු මහේස්ත්‍රාත් අධිකරණය වෙතඉදිරිපත් කිරීමට නියමිතව ඇති අතර මිහින්තලය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

  1. එ් වැඩෙ කරපු උනුත් ඒ විදියටම පුලුස්සලා ඒ වේදනාව දැනෙන් දෙන්න ඕන..
    ඕකුන් සසරෙ ආත්මභාව කියක්නම් ගිනි අරන් මැරෙයිද…



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සුරේෂ් සලේගේ දැන් තත්ත්වය නලින්ද හෙළිකරයි - ප්‍රශ්නයක් නෑ - හොඳට කනවා බොනවා
01:40
Video thumbnail
ගුවන්යානා මිලදී ගද්දි කොමිස් මුදල අනිවාර්යයිද ? අංගුලිමාලට සමාව දුන්නා වගේ සමාව දෙන්න පුළුවන්ද ?
01:36
Video thumbnail
අර්චුනාට වසර 20ට වැඩි සිර දඬුවම්..?
11:48
Video thumbnail
ජනපති කිව්ව "කොත්තමල්ලි"කතාව ගැන නලින්ද හෙළිකරයි - දේශීය වෙදකමට මුල් තැනද දුන්නේ ?
06:17
Video thumbnail
දැඩි විවේචන මැද 22ක සම්මත කරනවද ? ශ්‍රේෂ්ඨාධිකරණය විශ්වාස නිසානේ පෙත්සම් දුන්නේ
02:03
Video thumbnail
අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව උණුසුම් කළ ප්‍රශ්නය
09:19
Video thumbnail
රුමේෂ්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් රජය මැදිහත් වෙන්න සැරසෙයි - අපේ රටට ලොකු සම්පතක්
01:26
Video thumbnail
ඖෂධ හිඟය ගැන ඇමති නලින්ද පිළිතුරු දෙයි - ඔබ දැන් කියන්න කොහෙද ප්‍රශ්නය තියෙන්නේ කියලා ?
04:12
Video thumbnail
අධිකරණය දුන් රහසිගත තීන්දුව ජනාධිපතිවරයා දන්නේ කොහොමද..?
07:08
Video thumbnail
මේ ආණ්ඩුවට වඩා හොඳ කට්ටියක් සජබයේ ඉන්නවා
01:27