ලෝක ටෙස්ට් ශූරතා අවසන් මහා තරග තුනක් එංගලන්තයට දෙයි

ලෝක ටෙස්ට් ශූරතා අවසන් මහා තරග තුනක සත්කාරකත්වය සඳහා එංගලන්තය තෝරාගෙන තිබෙනවා.

පසුගිය සති අන්තයේ සිංගප්පූරුවේ පැවති අයි.සී.සී වාර්ෂික සමුළුවේ දී මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වුණේ.

ඒ, අනුව ලෝක ටෙස්ට් ශූරතාවලියේ එළැඹෙන 2027 අදියර 2029 සහ 2031 යන අදියරයන්වල අවසන් මහා තරග වෙනුවෙන් සත්කාරකත්වය සඳහා එංගලන්තය තෝරාගෙන තිබෙනවා.

2021 වසරේ සිට 2025 දක්වා පැවති ටෙස්ට් ලෝක ශූරතා අවසන් මහා තරගය පැවැත්වීමේ දී එංගලන්ත දැක්වූ සාර්ථකත්වය සැලකිල්ලට ගෙන අයි.සී.සීය මෙම තීරණය ගෙන ඇති බවයි ක්‍රීඩා මාධ්‍ය වාර්තා කළේ.

කෙසේ වෙතත් ඓතිහාසික ලෝඩ්ස් ජාත්‍යන්තර ක්‍රීඩාංගණය ඉදිරි ලෝක ටෙස්ට් ශූරතා අවසන් මහා තරග සඳහා යොදාගන්නවා ද යන්න පිළිබඳව තවමත් තීරණයක් ගෙන නැහැ.

2023-2025 අදියරට අදාළ ටෙස්ට් ලෝක ශූරතාවේ අවසන් මහා තරගය ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ පැවැති අතර,එම අවසන් මහා තරගය ජයගැනීමට දකුණු අප්‍රිකාවට හැකියාව ලැබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අයවැය කාරකසභා විවාදය සජීවීව - 2025.12.05
10:50:02
Video thumbnail
ජනපති විපක්ෂයට කනේ ඇඟිලි ග#ගන්න දෙසයි.."කරුණාකරලා ගිහින් නඩුවක් දාන්න.."
01:44
Video thumbnail
පාර්ලිමේන්තුවම සංවේදී කරමින් ජනපති කිව්ව කතාව.."කුඩා දරුවන් තමන්ගේ කැටේ ගෙනල්ල දෙනවා"
10:32
Video thumbnail
හලාවත මුළු ටවුන් එකම හිටිහැටියේම සුන්නද්දූලි කළ බිහිසුණු සුළඟ..බෝඩ් ග#ලවන් උඩින් යයි
00:43
Video thumbnail
අජිත් පෙරේරා කුපිත වී මුළු පාර්ලිමේන්තුවම දෙවනත් කරයි..
08:23
Video thumbnail
පාර්ලිමේන්තු කතාව මැද හස්ත සංඥාවක් දීගෙනම ජනපති පාර්ලිමේන්තුවට එයි
00:45
Video thumbnail
සුජීව පාර්ලිමේන්තුවේ වීඩියෝවක් ලීක්කරයි.."ආණ්ඩුවට කිසි අත්දැකීමක් නෑ..විපක්ෂය ගණන් ගන්නෙවත් නෑ"
09:39
Video thumbnail
"වාරිමාර්ග ඇමති බයිලා ග#න්නේ නැතුව ඉල්ලා අස්වෙන්න.."චාමර සභාවේ ලෙසටම ෆයර්වෙයි
09:24
Video thumbnail
මෙන්න හදිසියේම වෙනස්වන කාලගුණයේ උඩු යටිකුරුවෙන වෙනස..
04:02
Video thumbnail
ගම්මන්පිල ජනපතිට නඩු දාන්න සැරසෙයි..නඩු දස ලක්ෂයට මුහුණ දෙනවද? තමන්ට පුළුවන් දේ කරනවද?
11:01


?