AFC Banner
AFC Banner
Empty Ad

ලැඟුම්හලක් තුළ දී පෙම්වතාගේ පහර කෑ තරුණිය ජීවිතක්ෂයට

නිට්ටඹුව, එල්ලක්කල ප්‍රදේශයේ ලැඟුම්හලක් තුළ දී පෙම්වතාගේ පහර කෑමෙන් අසාධ්‍ය තත්ත්වයෙන් රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටි තරුණිය ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අදාළ තරුණිය ප්‍රතිකාර ලබමින් සිටිය දී ඊයේ (10) උදෑසන ජීවිතක්ෂයට පත් වූ බවයි නිට්ටඹුව පොලීසිය පැවසුවේ.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කුරුණෑගල, රිදීගම ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි තරුණියක්.

සිද්ධියට සම්බන්ධ රත්නපුර ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි සැකකාර පෙම්වතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රිමාන්ඩ් භාරයට පත් කරනු ලැබුවා.

අදාළ තරුණිය වෙනත් තරුණයකු සමග ප්‍රේම සම්බන්ධතාවයක් ඇති කරගෙන ඇති බවට වූ සැකය මත සැකකාර පෙම්වතා විසින් මෙම පහරදීම සිදුකර ඇති බවයි පොලිස් විමර්ශනවලදී හෙළි වී ඇත්තේ.

පසුගිය 02 වනදා මෙලෙස පෙම්වතාගේ ප්‍රහාරයකට ලක් වූ තරුණිය බරපතළ තත්ත්වයෙන් වතුපිටිවල මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියා.

මොවුන් දෙදෙනා විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලබන කාලයේ මෙම ප්‍රේම සම්බන්ධතාවය ආරම්භකර පවත්වාගෙන ගොස් තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
6
+1
1
+1
15
+1
3
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?