ලැඟුම්හලක් තුළ දී පෙම්වතාගේ පහර කෑ තරුණිය ජීවිතක්ෂයට

නිට්ටඹුව, එල්ලක්කල ප්‍රදේශයේ ලැඟුම්හලක් තුළ දී පෙම්වතාගේ පහර කෑමෙන් අසාධ්‍ය තත්ත්වයෙන් රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටි තරුණිය ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අදාළ තරුණිය ප්‍රතිකාර ලබමින් සිටිය දී ඊයේ (10) උදෑසන ජීවිතක්ෂයට පත් වූ බවයි නිට්ටඹුව පොලීසිය පැවසුවේ.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කුරුණෑගල, රිදීගම ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි තරුණියක්.

සිද්ධියට සම්බන්ධ රත්නපුර ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි සැකකාර පෙම්වතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රිමාන්ඩ් භාරයට පත් කරනු ලැබුවා.

අදාළ තරුණිය වෙනත් තරුණයකු සමග ප්‍රේම සම්බන්ධතාවයක් ඇති කරගෙන ඇති බවට වූ සැකය මත සැකකාර පෙම්වතා විසින් මෙම පහරදීම සිදුකර ඇති බවයි පොලිස් විමර්ශනවලදී හෙළි වී ඇත්තේ.

පසුගිය 02 වනදා මෙලෙස පෙම්වතාගේ ප්‍රහාරයකට ලක් වූ තරුණිය බරපතළ තත්ත්වයෙන් වතුපිටිවල මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියා.

මොවුන් දෙදෙනා විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලබන කාලයේ මෙම ප්‍රේම සම්බන්ධතාවය ආරම්භකර පවත්වාගෙන ගොස් තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කාලගුණය උඩු යටිකුරු වන ලකුණු..ඉදිරියේදී වැසි වැඩිවෙයි - සුළං තත්ත්වයේ වැඩිවීමක්
03:40
Video thumbnail
පෙරහැරේ පිටුපසින් දුටු අපූරු දසුන... පෙරහැර මැද කැමරා ඇසක් වූ දියවඩන නිලමේ
00:10
Video thumbnail
ජොන්ස්ටන් ආණ්ඩුවට රිදෙන්නම දෙසයි..මෙයාලා පට්ටපල් බොරු කිව්වේ"මහින්ද ගත්ත චෙක් කෝ දැන් "
04:38
Video thumbnail
තව ටික දවසක් බලන් ඉමු, හන්දියක් හන්දියක් ගාණේ කියපු හොරු ටික අල්ලනකල්..
00:14
Video thumbnail
අනේ හාමුදුරුවනේ අමු පචකාරයෝ ඉන්නේ - පොඩි ළමයිනේ..ගිණුම හොයාගන්න බැරි බබාලා
11:47
Video thumbnail
ජනාධිපති ගොවි පුතා කොළඹ කාර්යාලයේ, ගොවියෝ ආර්ථිකය වැටිලා මහ පාරේ..
00:12
Video thumbnail
කාටවත් බෑ මට හොරා කියන්න - මං අවුරුදු 5ක් ටොප් එකට ඇමතිකම් කළා
04:21
Video thumbnail
නවතා තිබූ බස් එකකට හොරෙන්න රිංගලා ෆුල් සුද්දයක් දුන්න හොරා - කුරුමාණම අල්ලලා සාක්කුවට දාගන්නවා
01:56
Video thumbnail
මහින්දලා, ගෝඨා එක්ක හැප්පෙන්න හයිය හම්බවුණේ අපේ අත්දැකීමෙන් - පච පොත් පිටින් ලිව්වේ..පිටු 237ක්
10:56
Video thumbnail
පොහොට්ටුවේ මීනු කළුතර හොල්ලයි..නාමල්ගේ Meetingවලට එන සෙනඟ දැකලා NPP එකේ කකුල් වෙව්ලනවා
07:01