AFC Banner
Empty Ad
Empty Ad

ලක්ෂ 27කට විද්ද කොල්ලකරුවෙක් පොලිස් අත්අඩංගුවට

පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් බව පවසා බම්බලපිටිය – ඩුප්ලිකේෂන් මාර්ගයේ දී මෝටර් රථයක් නවතා රුපියල් ලක්ෂ 27ක මුදලක් කොල්ලකෑම සම්බන්ධයෙන් පුද්ගලයෙක් යතුරුපැදියක් ද සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෝටර් රථයේ හිමිකරු ඩුප්ලිකේෂන් මාර්ගයේ පැමිණෙමින් සිටිය දී සැකකරුවන් පිරිසක් රථය නවතා පරීක්ෂා කිරීමට අවශ්‍ය බවට පවසා ඊයේ දහවල් මෙම කොල්ලය සිදුකර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

කොල්ලකරුවන් පලායමින් සිටිය දී, මෝටර් රථයේ හිමිකරු සහ තවත් පුද්ගලයකු විසින් ඉන් එක් අයෙක් යතුරුපැදිය සමඟ අල්ලාගෙන බම්බලපිටිය පොලිසිය වෙත භාරදීමටයි කටයුතු කර ඇත්තේ.

පොලිසියට භාරදීමෙන් පසු සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු වයස අවුරුදු 41ක කොළඹ 06 ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මුදල් රැගෙන පලාගිය අනෙක් පුද්ගලන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය පරීක්ෂණ මේ වනවිට ආරම්භ කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?