මොණරාගල නගරයේ පිහිටි වෙළෙඳ ආයතනයකට දොරගුළු කඩා ඇතුළු වූ සොරෙක් එහි තිබූ මුදල් රුපියල් ලක්ෂ ගණනක් මුදල් සොරකම් කරගෙන තිබෙනවා
සැකකරු මෙම සොරකම සිදු කරන ආකාරය එම ආයතනයේ සවිකර තිබූ ආරක්ෂිත කැමරාවක සටහන් වී තිබූ අතර සිද්ධිය සම්බන්ධයෙන් ලද පැමිණිල්ලක් අනුව මොණරාගල මූලස්ථාන පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් විසින් සැකකරු අත්අඩංගුවට ගැනීමට විමර්ෂණයක් ආරම්භ කර තිබුණා.
ඒ අනුව එම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරු සන්තකයේ තිබී සොරාගත් මුදල් වලින් කොටසක් ද සොයාගත් බව පොලිසිය පවසනවා.
සැකකරු මාලබේ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 32 පුද්ගලයෙක් වන අතර සැකකරු මොණරාගල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
සිද්ධිය සම්බන්ධයෙන් මොණරාගල මූලස්ථාන පොලිසිය විසින් ඉදිරි විමර්ශන සිදු කරනු ලබනවා.





