AFC Banner
Empty Ad
Empty Ad

රුසියානු යුධ ටැංකි වලට විරුද්ධව තනිව සටන් කල වීරයා

රුසියානු යුද ටැංකි සිය නගරයට ඇතුළුවීම වැළැක්වීම සඳහා පාරට බැස සිටින යුක්‍රේන වැසියන් පිරිසක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.

යුක්‍රේන නගරයක මංසන්ධියක් පසුකර යෑමට පැමිණෙන රුසියානු යුද ටැංකියක් ඉදිරිපිටට පැමිණෙන යුක්රේන වැසියෙක් සිය රටට එරෙහිව සිදුකරන ආක්‍රමණයට විරෝධය පළ කරමින් එම යුද ටැංකිය මතට නැගීමට උත්සහ කළ නමුත් එය අසාර්ථකවූ තැන එය ඉදිරිපිට දණ ගසන අයුරු දක්නට ලැබුණි.ගාර්ඩියන් පුවත්පත මෙම දර්ශනයන් ඇතුලත් වීඩියෝපටය සමාජ මාධ්‍යන්ට නිකුත් කර තිබුනා.

කෙසේ වුවත් ඒ අසල රැස්ව සිටි පිරිස් එම පුද්ගලයා ඉවතට ගැනීමට කටයුතු කිරීමෙන් පසුව රුසියානු යුද ටැංකි ඉදිරියට ඇදෙන අයුරු එම වීඩියෝවේ දක්නට ලැබේ.

රුසියාව කියුව් ආසන්නයේ තෙල් ගබඩාවකට රොකට් ප්‍රහාරයක් එල්ල කර තිබූ අතර ඉන් ගෑස් නල මාර්ගයක් පුපුරා ගොස් තිබුණි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?