හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් සහ ඔහුගේ සොහොයුරා වන රියාජ් බදියුදීන් දින 90ක කාලයක් රඳවාගෙන ප්‍රශ්ණ කිරීම සඳහා අධිකරණ නියෝග ලබාගැනීමට සූදානම් වන බව පොලිසිය පවසනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළේ ඔවුන් දෙදෙනාගෙන් මේවන විට ද ප්‍රශ්ණ කෙරෙමින් පවතින බවයි.
පාස්කු ප්‍රහාරකයින්ට ආධාර අනුබල දීමේ චෝදනාවට හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් සහ ඔහුගේ සහෝදරයා වන රියාජ් බදියුදීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ ත්‍රස්ත විමර්ශන ඒකකය විසින් ඊයේ (24) අලුයම අත්අඩංගුවට ගනු ලැබුවා.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ වගන්ති අනුව ඔවුන් පැය 72ක කාලයක් රඳවාගෙන ප්‍රශ්ණ කිරීමට අධිකරණ නියෝග ලබාගත් අතර සාක්ෂි විශ්ලේෂණය ඇතුලු කරුණු සලකා බැලීමේදී එම කාලය ප්‍රමාණවත් නොවන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පෙන්වා දුන්නේ.
ඒ අනුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අනුව තවදුරටත් දින 90ක් රඳවාගෙන ප්‍රශ්ණ කිරීමට අධිකරණ නියෝග ලබාගැනීම වෙනුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කරමින් පවතිනවා.
පාස්කු ප්‍රහාරයේ ඝාතකයින්ට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් ලැබුනු පුද්ගල සාක්ෂි, පරිවේෂණීය සාක්ෂි, විද්‍යාත්මක සාක්ෂි මෙන්ම තාක්ෂණික සාක්ෂි උපයෝගී කර ගනිමින් රිෂාඩ් බදියුදීන් සහ සොහොයුරා අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියාසිටියේ මෙම සිද්ධියට අදාළව විවිධ මූල්‍ය ආයතන හරහා මුදල් හුවමාරු වීම්, චෙක්පත් ලබාදීම් පිළිබඳව ද දැඩි විමර්ශණයකට විමර්ශණ නිලධාරීන් සූදානමින් පසුවන බවයි.




