QR ක්‍රමයට ඉන්ධන නිකුත් කිරීමේ කිසිඳු අවශ්‍යතාවයක් නැහැ – තෙල් සංස්ථා සභාපති (වීඩියෝ)

අද (02) පෙරවරු 9.44 වන වින විට ඩීසල් ලීටර් 2,925,349ක් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මඟින් නිකුත් කර ඇති බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ආනන්ද රාජකරුණා සඳහන් කරනවා.

එමෙන්ම එම වේලාව වනවිට පෙට්‍රල් ලීටර් 2,904,000ක් ද සංස්ථාව මඟින් ඉන්ධන පිරවුම්හල් වෙත නිකුත් කර ඇති බවයි සභාපතිවරයා සඳහන් කළේ.

මේ අතර ඊයේ (01) දිනයේ දී ඩීසල් ලීටර් 3,081,349ක් බෙදාහැර ඇති බව සඳහන් කළ සභාපතිවරයා, ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටර් 3,920,400ක් ඉන්ධන පිරවුම්හල් වෙත බෙදාහැර ඇති බවයි වැඩිදුරටත් පැවසුවේ.

ඒ, අනුව ඊයේ (01) දිනයේ දී මෙලෙස නිකුත් කරනු ලැබූ ඉන්ධන ජනතාවගේ අනවශ්‍ය කලබලය හේතුවෙන් මේ වනවිට බොහෝ ඉන්ධන පිරවුම්හල්වල අවසන් වී ඇති බවයි ඔහු සඳහන් කර සිටියේ.

මාධ්‍ය හමුවේ වැඩිදුරටත් අදහස් දක්වමින් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයා ජනතාවට දැනුම් දෙන්නේ අවශ්‍ය තරම් ඉන්ධන තොග සංස්ථාව සතුව පවතින බවත්, ඒ හේතුවෙන් අනවශ්‍ය කලබලයකින් සහ අනවශ්‍ය ලෙස ඉන්ධන තොග රැස්කර නොගන්නා ලෙසයි.

මේ අතර ඒ ආකාරයෙන් ඉන්ධන තොග රැස්කර තබාගන්නන් පිළිබඳව අද (02) දිනයේ සිට නීතිමය කටයුතු සිදුකරන බව සඳහන් කළ සභාපතිවරයා ඊට පොලිසියේ සහාය ලබාගන්නා බවයි පැවසුවේ.

සභාපතිවරයා මෙහිදී සඳහන් කළේ මහජනතාවට ඉන්ධන නිකුත් කිරීම සීමාකිරීමට කිසිඳු අවශ්‍යතාවයක් නොමැති බවත්, රට තුළ ඉන්ධන හිඟයක් නොමැති නිසා QR ක්‍රමයට ඉන්ධන නිකුත් කිරීමේ අවශ්‍යතාවයක් නොමැති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ප්‍රදේශවාසීන්, පොලිසිය සහ නාවික හමුදාව සමඟ උණුසුම් තත්ත්වයක් - නේවි එකක් පොලිසියක් ඕනි නෑනේ මෙහාට
01:43
Video thumbnail
බෙල්ලන්විල රත්කල වෙ#ල්ලෙන් පුද්ගලයෙකු එළොව යයි - මෙන්න එහි නවතම දර්ශන
02:11
Video thumbnail
හාමුදුරුවරුන් ආණ්ඩුව වෙනුවෙන් හඬ නගයි - පාලකයන්ට හැට පැනලා ඉන්න පුළුවන්නම් මෙයාලට ඇයි බැරි ?
05:14
Video thumbnail
පහුගිය ආණ්ඩු දෙක තවම තිබ්බනම් පොළේ එළවළු ගානටම කුඩු විකුණයි - හීනෙන් ඇහැරිලා වගේ කෑගහනවා
07:33
Video thumbnail
මැණික් ව්‍යාපාරිකයින් පුදුම කළ නාමල්ගේ උත්තරේ - ජනාධිපති වුණොත් මැණික් කර්මාන්තයට මොකද කරන්නේ ?
07:47
Video thumbnail
ඔයාගේ කනේ ඩෙසිබල් මීටරයක් එනවද ?හරි මම බලාගන්නම්කෝ උසාවියේදී ලස්සනට ඒක
06:01
Video thumbnail
ඔයත් ඊශ්‍රාලයට යන්න හීන දකින කෙනෙක්ද ?මේ කරුණු නොදැන යන්න හිතන්නවත් එපා
02:48
Video thumbnail
හයි කැපෑසිටි බයික් ගැන නාමල් කිව්ව දේ - මගේ මතය නම් 1200ccවලට අවසරය දෙන්න ඕනි
01:35
Video thumbnail
මිරිස්ස ධිවර වරායේ උණුසුම් තත්ත්වයක් - "මම විද්‍යාඥයෙක්නම් නාසා එකේ ඉන්න එපැයි"
02:04
Video thumbnail
ජනාධිපති මන්දිර ගැන නාමල් කට අරියි - හිටියත් එකයි නැතත් එකයි අදාළ වියදම් ටික යනවා
02:02