රිලවාගේ අයිතිය රනිල් මත පැටවෙයි (වීඩියෝ)

ජනතාවගේ දෛනික ජීවිතයට බාධා එල්ල වී ඇති රිලා ගහණය මෙම ආණ්ඩුවේ ප්‍රශ්නයක් නොව පසුගිය ආණ්ඩුවල අර්බුදයක් බව ජාතික ජන බලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එල්. එම්. අබේවික්‍රම මහතා පවසනවා.

ඊයේ (12) පස්වරුවේ පාර්ලිමේන්තු කාරක සභා විවාදයට එක්වෙමින් මන්ත්‍රීවරයා පැවසුවේ මෙම රිලව් රනිල් වික්‍රමසිංහ මහතාගේ රජය සමයේ සිටි රිලව් බවයි.

නමුත් මෙම රිලා අර්බුදය පසුගිය රාජ්‍ය පාලන සමයේ සිටි ඇතැම් දේශපාලනඥයින්ට විසඳීමට අවස්ථාව තිබියදීත් එය ගණන් නොගෙන ක්‍රියාපිළිවෙතක් අනුගමනය නොකර සිටි බවයි අබේවික්‍රම මන්ත්‍රීවරයා චෝදනා කරන්නේ.

කෙසේ නමුත් දැන් හෝ අදාළ ගැටලුව ගැන අවධානය විපක්ෂයේ සිට හෝ යොමු කිරීම ගැන සතුටු වන බව ද හෙතෙම වැඩිදුරටටහ් පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
5
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?