spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

රියැදුරුගේ වැඩේ කොන්දොස්තර කරලා – දෙදෙනාම රිමාන්ඩ්

අනතුරක් සිදු කර පුද්ගලයෙකුගේ දෙපාවලට බරපතල හානි සිදු කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බස් රථ රියදුරෙක් සහ කොන්දොස්තරවරයෙක් ලබන 6 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ මොරගහහේන පිළියන්දල මාර්ගයේ ධාවනය වන පෞද්ගලික බස් රථයක කොන්දොස්තරවරයෙක් සහ රියදුරෙක්.

රියදුරු බලපත්‍රයක් නොමැතිව බස් කොන්දොස්තරවරයා බස් රථය පදවා ඇති අතර සැකකාර රියදුරු සතුව තිබෙන රියදුරු බලපත්‍රය ද නඩු විභාගය අවසන් වන තෙක් අධිකරණය භාරයේ තැබීමටයි මහේස්ත්‍රාත්වරයා වැඩිදුරටත් නියෝග කළේ.

සැකකරුවන් දෙදෙනා මොරගහහේන යහලකැලේ වත්ත පදිංචි පුද්ගලයෙක් හා මිල්ලෑව පොල්වත්ත ප්‍රදේශවල පදිංචි පුද්ගලයන් දෙදෙනෙක්.

සැකකරුවන් දෙදෙනා බස් රථය කිරිවත්තුඩුව ප්‍රදේශයට රැගෙන ගොස් සෝදා පවිත්‍ර කර අනතුරුව මොරගහහේන නගරය දක්වා පැමිණීමේ දී සැකකාර රියදුරුරා බස් රථය පැදවීම සඳහා කොන්දොස්තරවරයා වෙත ලබාදී තිබු බව විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා.

මොරගහහේන නගරයේ දී බස් නැවතුම ආසන්නයේ දී මාර්ගයේ රැඳී සිටි පුද්ගලයෙක් වෙතට කඩා වැදුනු බස් රථය පස් කණ්ඩියක ගැටී නතර වී තිබූ බවයි පොලිසිය කියාසිටියේ.

අනතුරට ලක්වූ පුද්ගලයාගේ දෙපාවලට බරපතළ තුවාල සිදුවී තිබූ අතර ඔහු රෝහල්ගත කෙරුණා.

සැකකාර කොන්දොස්තරවරයා චෝදනා පහක් යටතේ සහ රියදුරු චෝදනා තුනක් යටතේ අධිකරණය වෙත ඉදිරිපත් කර තිබුණා..

මොරගහහේන පොලිසිය මෙම අනතුර සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?