රියදුරු නොඑන ගමන් යවා ටිපර් රථය පන්නන්න හැදූ තිදෙනා මාට්ටු වෙයි

පොළොන්නරුව, මනම්පිටිය ප්‍රදේශයේදි වැලි ටිපර් රථ රියදුරුගේ අත්පා හා මුඛය ගැටගසා ඝාතනය කර ටිපර් රථ‍ය පැහැරගෙන අලෙවි කිරීමට සූදානම් කිරීමට සැලසුම්කල පස්දෙනක් සැකපිට අද (18) අත්අඩංගුවට ගත් බව පොළොන්නරුව පොලිසිය පවසනවා.

මෙලෙස ඊයේ (17) දිනයේ ඝාතනයට ලක්ව ඇත්තේ කුඩාවැව, දළුකාන ලිපිනයේ පදිංචිව සිටි 29 වියති දෙදරු පියෙක් බවයි පොලිසිය සඳහන් කළේ.

අරලගංවිල ප්‍රදේශයෙන් පැට වූ වැලි කියුබ් 03 ක් කුලියාපිටිය දක්වා ප්‍රවාහනය කරමින් තිබියදී ඊයේ (17) අලුයම මනම්පිටිය, කොටලීය ප්‍රදේශයේදී ටිපර් රථය පැහැරගෙන රියදුරු ඝාතනය කොට, ටිපරයේ තිබූ වැලි මනම්පිටිය වනජීවී කාර්යාල අසල හලා එම ටිපරය කදුරුවෙල දක්වා රැගෙන ගොස් නවතා තිබෙනවා.

ඒ අනුව බිරිද, ස්වාමියාට දුරකථන ඇමතුම් ලබාගෙන ඇති අතර ඊට ප්‍රතිචාර නොදැක්වූ නිසා මේ පිළිබඳ බිරිඳ පොළොන්නරුව පොලිසියට පැමිණිලි කර ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව ටිපර් රථයේ සවිකර තිබූ ජී.පී.එස් තාක්ෂණය අනුව පොළොන්නරුව හා මනම්පිටිය පොලිසිය සහ වනජීවී නිලධාරින් එක්ව මනම්පිටිය කොටලීය ප්‍රදේශයේ රියැදුරු සොයා මෙහෙයුමක් ආරම්භ ක‍ර තිබුණා.

එහිදි කට,අත්පා,ලණුවලින් ගැටගසා, මරා දමා තිබූ රියැදුරුගේ සිරුර මනම්පිටිය කොටලීය පාලමට නුදුරින් ලඳු කැලෑවක තිබි සොයා ගැනීමට හැකි වූ බවයි පරීක්ෂණ මෙහෙයවූ පොළොන්නරුව මූලස්ථාන පොලිස් පරීක්ෂක කේ.පී.පී.පතිරණ පැවසූයේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් මනම්පිටිය, වවුනියාව, මැදවච්චිය, කදුරුවෙල සහ වැලිකන්ද ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර ඔවුන් අවුරුදු 30 ත් 40 අතර වයසේ පසුවන බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
1
+1
7
+1
2
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ප්‍රසාද් සර් ආණ්ඩුව හොඳම පදෙන් අමතයි
07:43
Video thumbnail
"බලය දෙන්න අවුරුදු 3ක් ඇතුළත අලි මිනිස් ගැටුමට විසඳුමක් දෙනවා'' රාහුල හිමිගෙන් රටටම පොරොන්දුවක්
04:12
Video thumbnail
පක්ෂය බලෙන් අල්ලගෙන නීති විරෝධී වැඩ කරනවා
04:03
Video thumbnail
"කුරහන් සාටකය" කරෙන් ග#ලවගෙනම නාමල් උසාවිය ඇතුලට ගිය හැටි..නාමල් එක්ක කට්ටිය සෙල්ෆි ග#යි
05:45
Video thumbnail
නාමල් මුළු පාර්ලිමේන්තුවම දෙවනත් කරයි.."ඔයාලා හික් හික් ගගා ඉන්න..මිනිස්සුන්ට මේකේ වේදනාව තියෙන්නේ"
11:51
Video thumbnail
චාමර සම්පත් පාර්ලිමේන්තුවේ ලෙසටම ෆයර්වෙයි.."රන්වලගේ මූණ මිරිකුවත් අරක්කු බාගයක් ගන්න පුළුවන්"
07:57
Video thumbnail
මෙතන රෝහලක් පවත්වාගෙන යන එක අවදානම්..වත්තෙගම දිස්ත්‍රික් රෝහල බලන්න ගිය සෞඛ්‍ය නි.ඇමති කිව්ව දේ
03:51
Video thumbnail
පදක්කමේ ලොක්කෙක් එක්ක ගැන්සි පිටින් බැහැලා පුද්ගලයෙක්ට තගදාලා..ප#රකෑ පුද්ගලයා සියල්ල හෙළිකරයි
01:26
Video thumbnail
බුත්තලදී සිදුවූ බිහිසුණු රිය අනතුර..බයික් එකක් ටිපර් එක ය# - පාරත් කඩාගෙන ගිහින්
01:03
Video thumbnail
විශේෂ පාර්ලිමේන්තු විවාදය 2025.12.18
00:00


?