රියදුරු නොඑන ගමන් යවා ටිපර් රථය පන්නන්න හැදූ තිදෙනා මාට්ටු වෙයි

පොළොන්නරුව, මනම්පිටිය ප්‍රදේශයේදි වැලි ටිපර් රථ රියදුරුගේ අත්පා හා මුඛය ගැටගසා ඝාතනය කර ටිපර් රථ‍ය පැහැරගෙන අලෙවි කිරීමට සූදානම් කිරීමට සැලසුම්කල පස්දෙනක් සැකපිට අද (18) අත්අඩංගුවට ගත් බව පොළොන්නරුව පොලිසිය පවසනවා.

මෙලෙස ඊයේ (17) දිනයේ ඝාතනයට ලක්ව ඇත්තේ කුඩාවැව, දළුකාන ලිපිනයේ පදිංචිව සිටි 29 වියති දෙදරු පියෙක් බවයි පොලිසිය සඳහන් කළේ.

අරලගංවිල ප්‍රදේශයෙන් පැට වූ වැලි කියුබ් 03 ක් කුලියාපිටිය දක්වා ප්‍රවාහනය කරමින් තිබියදී ඊයේ (17) අලුයම මනම්පිටිය, කොටලීය ප්‍රදේශයේදී ටිපර් රථය පැහැරගෙන රියදුරු ඝාතනය කොට, ටිපරයේ තිබූ වැලි මනම්පිටිය වනජීවී කාර්යාල අසල හලා එම ටිපරය කදුරුවෙල දක්වා රැගෙන ගොස් නවතා තිබෙනවා.

ඒ අනුව බිරිද, ස්වාමියාට දුරකථන ඇමතුම් ලබාගෙන ඇති අතර ඊට ප්‍රතිචාර නොදැක්වූ නිසා මේ පිළිබඳ බිරිඳ පොළොන්නරුව පොලිසියට පැමිණිලි කර ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව ටිපර් රථයේ සවිකර තිබූ ජී.පී.එස් තාක්ෂණය අනුව පොළොන්නරුව හා මනම්පිටිය පොලිසිය සහ වනජීවී නිලධාරින් එක්ව මනම්පිටිය කොටලීය ප්‍රදේශයේ රියැදුරු සොයා මෙහෙයුමක් ආරම්භ ක‍ර තිබුණා.

එහිදි කට,අත්පා,ලණුවලින් ගැටගසා, මරා දමා තිබූ රියැදුරුගේ සිරුර මනම්පිටිය කොටලීය පාලමට නුදුරින් ලඳු කැලෑවක තිබි සොයා ගැනීමට හැකි වූ බවයි පරීක්ෂණ මෙහෙයවූ පොළොන්නරුව මූලස්ථාන පොලිස් පරීක්ෂක කේ.පී.පී.පතිරණ පැවසූයේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් මනම්පිටිය, වවුනියාව, මැදවච්චිය, කදුරුවෙල සහ වැලිකන්ද ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර ඔවුන් අවුරුදු 30 ත් 40 අතර වයසේ පසුවන බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
3
+1
0
+1
1
+1
25
+1
6
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොලිසියට වෙ# තැබූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවා සොයා විශේෂ මෙහෙයුම්
01:20
Video thumbnail
3 වසර ළමයා කළ හිතාගන්නවත් බැරි වැඩේ ?
01:46
Video thumbnail
හිටපු ඇමති විමල් වීරවංශගේ සහෝදරයා රිමාන්ඩ්
01:25
Video thumbnail
කෙහෙළිය රඹුක්වැල්ල උසාවියට ඇවිත් රිවස් ග#හපු හැටි
00:32
Video thumbnail
දඹුල්ල නගරය මැද කාන්තාවක් උපන් ඇඳුමෙන් කළ කැත වැඩේ
00:52
Video thumbnail
ඩෙල්ෆ්, අනලතිව් සහ නයනතිව් දූපත් හරිත බලශක්ති දූපත් කිරීමට ජනපතිගෙන් උපදෙස්
01:48
Video thumbnail
අශ්වයෝ පිටේ ගැම්මට ගිහින් මාලිමාවේ ඇමතිලා දාපු සෙල්ලම්
00:08
Video thumbnail
යුද්දය එක්ක සංචාරක කර්මාන්තයට මොනවා වෙයිද ? ගුවන්යානා දෙදහක් අවලංගු වෙලා
01:40
Video thumbnail
තරුණයෙක් අහපු ප්‍රශ්නයට රනිල්ට තදවෙයි ?19වෙනි ශතවර්ෂයේ හිරවෙලානේ ඉන්නේ
02:34
Video thumbnail
මේ දෙපාර්තමේන්තුව වහන්න හිතනවනම් ඒක පිස්සු විකාරයක් - සමහර ආයතන වහන්න වෙයි
07:06