රාජ්‍ය ඇමති ඩයනාගේ මන්ත්‍රී ධුරය ගැන පෙත්සමට මෝසමක්

රාජ්‍ය ඇමති ඩයනා ගමගේ ගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසට ඉල්ලා ගොනුකර ඇති පෙත්සම පංච පුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ ගන්නා ලෙස ඉල්ලමින් මෝසමක් ගොනු කර තිබෙනවා.

එම පෙත්සම ඉදිරිපත් කළ සමාජ ක්‍රියාකාරිකයෙකු වන ඔෂල හේරත් මහතා විසිනුයි සිය නීතිඥවරු මාර්ගයෙන් මෙම මෝසම අභියාචනාධිකරණය හමුවේ ගොනු කර ඇත්තේ.

පෙත්සම්කරු කියා සිටින්නේ මෙම පෙත්සමට අදාළව පසුගියදා බෙදුණු නඩු තීන්දුවක් ප්‍රකාශයට පත්වීම හේතුවෙන් අදාළ පෙත්සම ත්‍රිපුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ යළිත් විභාග කිරීමට අධිකරණය තීරණය කළ බවයි.

ඒ අනුව අදාළ පෙත්සම අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න, ඒ. මරික්කාර් සහ කේ. කේ. ඩී. පී. සේනාධිපති යන විනිසුරුවරු ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් ඉදිරියේ ලබන සැප්තැම්බර් 14 වනදා විභාගයට ගැනීමට නියමිතව ඇති බව පෙත්සම්කරු සඳහන් කළා.

නමුත් මෙම නඩුකරයට පාදක වන කරුණ මේ වන විට පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටතත් දැඩි මතභේදයට තුඩු දී තිබෙන බවයි පෙත්සම්කරු පෙන්වා දෙන්නේ.

එබැවින් ජාතික වැදගත් කමක් සහිත කරුණක් මෙම නඩුකරය තුළ අන්තර්ගත වී තිබෙන හෙයින් අදාළ පෙත්සම පංච පුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගයට ගැනීම සඳහා නියම කරන ලෙසත් පෙත්සම්කරු සිය නීතිඥවරු මාර්ගයෙන් ඉදිරිපත් කල මෝසමේ සඳහන් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ප්‍රසාද් සර් ආණ්ඩුව හොඳම පදෙන් අමතයි
07:43
Video thumbnail
"බලය දෙන්න අවුරුදු 3ක් ඇතුළත අලි මිනිස් ගැටුමට විසඳුමක් දෙනවා'' රාහුල හිමිගෙන් රටටම පොරොන්දුවක්
04:12
Video thumbnail
පක්ෂය බලෙන් අල්ලගෙන නීති විරෝධී වැඩ කරනවා
04:03
Video thumbnail
"කුරහන් සාටකය" කරෙන් ග#ලවගෙනම නාමල් උසාවිය ඇතුලට ගිය හැටි..නාමල් එක්ක කට්ටිය සෙල්ෆි ග#යි
05:45
Video thumbnail
නාමල් මුළු පාර්ලිමේන්තුවම දෙවනත් කරයි.."ඔයාලා හික් හික් ගගා ඉන්න..මිනිස්සුන්ට මේකේ වේදනාව තියෙන්නේ"
11:51
Video thumbnail
චාමර සම්පත් පාර්ලිමේන්තුවේ ලෙසටම ෆයර්වෙයි.."රන්වලගේ මූණ මිරිකුවත් අරක්කු බාගයක් ගන්න පුළුවන්"
07:57
Video thumbnail
මෙතන රෝහලක් පවත්වාගෙන යන එක අවදානම්..වත්තෙගම දිස්ත්‍රික් රෝහල බලන්න ගිය සෞඛ්‍ය නි.ඇමති කිව්ව දේ
03:51
Video thumbnail
පදක්කමේ ලොක්කෙක් එක්ක ගැන්සි පිටින් බැහැලා පුද්ගලයෙක්ට තගදාලා..ප#රකෑ පුද්ගලයා සියල්ල හෙළිකරයි
01:26
Video thumbnail
බුත්තලදී සිදුවූ බිහිසුණු රිය අනතුර..බයික් එකක් ටිපර් එක ය# - පාරත් කඩාගෙන ගිහින්
01:03
Video thumbnail
විශේෂ පාර්ලිමේන්තු විවාදය 2025.12.18
00:00


?