AFC Banner
Empty Ad

රසිකයාගේ ඝාතනයට දකුණු ඉන්දීය නළුවා අත්අඩංගුවට

ඝාතන සිද්ධියක් සම්බන්ධයෙන් දකුණු ඉන්දියාවේ කන්නඩ රංගන ශිල්පියෙක්වන දර්ශන් තුගුදීප ඇතුළු 13 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

33 හැවිරිදි දර්ශන්ගේ රසිකයෙකු වූ රේණුකාස්වාමි නැමැත්තාගේ සිරුර කාණුවකින් සොයාගැනීමත් සමඟ අදාළ ඝාතනය සම්බන්ධයෙන් මොහුට චෝදනා එල්ල වුණා.

දර්ශන් තුගුදීප සිය නිත්‍යානූකූ විවාහයෙන් වෙන් වී තවත් රංග ශිල්පිණියක් සමඟ ප්‍රේම සම්බන්ධතාවයක් ගොඩනඟාගෙන සිටි අයෙක්.

ඒ, සම්බන්ධයෙන් මරණකරු සිය මුහුණුපොතේ විවේචනාත්මක සටහන් තබා ඇති බව සඳහන්.

මේ හේතුවෙන් කේන්තියට පත් දර්ශන් විසින් එම ඝාතන සිදුකර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තාකර තිබෙනවා.

දර්ශන් විසින් මෙම ඝාතන සිදුකර එහි සාක්ෂි යටගැසීම සඳහා ඉන්දියානු රුපියල් ලක්ෂ 40ක් ලබා දී පුද්ගලයින් සිව්දෙනෙකු පොලිස් අත්අඩංගුවට ද පත්කර තිබූ බවයි වාර්තා වන්නේ.

පොලීසියට මේ පිළිබඳව ඇති වූ සැකයක් මත දර්ශන්ගේ සමීපතමයෙක් අත්අඩංගුවට ගෙන තිබුණා.

එලෙස අත්අඩංගුවට ගැනුණු සමීපතමයාගෙන් හෙළිකරගත් තොරතුරු අනුවයි ඝාතනය සම්බන්ධයෙන් දර්ශන් තුගුදීප ඇතුළු සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
1
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?