රසිකයාගේ ඝාතනයට දකුණු ඉන්දීය නළුවා අත්අඩංගුවට

ඝාතන සිද්ධියක් සම්බන්ධයෙන් දකුණු ඉන්දියාවේ කන්නඩ රංගන ශිල්පියෙක්වන දර්ශන් තුගුදීප ඇතුළු 13 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

33 හැවිරිදි දර්ශන්ගේ රසිකයෙකු වූ රේණුකාස්වාමි නැමැත්තාගේ සිරුර කාණුවකින් සොයාගැනීමත් සමඟ අදාළ ඝාතනය සම්බන්ධයෙන් මොහුට චෝදනා එල්ල වුණා.

දර්ශන් තුගුදීප සිය නිත්‍යානූකූ විවාහයෙන් වෙන් වී තවත් රංග ශිල්පිණියක් සමඟ ප්‍රේම සම්බන්ධතාවයක් ගොඩනඟාගෙන සිටි අයෙක්.

ඒ, සම්බන්ධයෙන් මරණකරු සිය මුහුණුපොතේ විවේචනාත්මක සටහන් තබා ඇති බව සඳහන්.

මේ හේතුවෙන් කේන්තියට පත් දර්ශන් විසින් එම ඝාතන සිදුකර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තාකර තිබෙනවා.

දර්ශන් විසින් මෙම ඝාතන සිදුකර එහි සාක්ෂි යටගැසීම සඳහා ඉන්දියානු රුපියල් ලක්ෂ 40ක් ලබා දී පුද්ගලයින් සිව්දෙනෙකු පොලිස් අත්අඩංගුවට ද පත්කර තිබූ බවයි වාර්තා වන්නේ.

පොලීසියට මේ පිළිබඳව ඇති වූ සැකයක් මත දර්ශන්ගේ සමීපතමයෙක් අත්අඩංගුවට ගෙන තිබුණා.

එලෙස අත්අඩංගුවට ගැනුණු සමීපතමයාගෙන් හෙළිකරගත් තොරතුරු අනුවයි ඝාතනය සම්බන්ධයෙන් දර්ශන් තුගුදීප ඇතුළු සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජබය තමයි රටේ විකල්ප ආණ්ඩුව - නිදාගෙන සිටිය කණ්ඩායම් අවදි කළෙත් අපි
11:27
Video thumbnail
JRගේ ගුණ සැමරුමට රනිලුත් සජිතුත් එකටම එයි
02:19
Video thumbnail
රටේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් වටු කුරුල්ලෝ ටික එකතු විය යුතුයි
04:24
Video thumbnail
මීගමු බන්ධනාගරයේ ගැ#ටුමේදී පොදු දේපළ විනාශ කළ රැඳවියන් 25ස් දෙනා යළි ඇතුළට
01:26
Video thumbnail
ගමනාගමන කොමිසමේ හිටපු සභාපතිව උසාවියට රැගෙන ගිය හැටි මෙන්න
00:54
Video thumbnail
මෙරට පාසල් පද්ධතියට චීනයෙන් ඩිජිටල් පන්ති කාමර 500ක් - අගමැති සහ නව චීන තනාපති අතර හමුවක්
01:40
Video thumbnail
කාර්යාල දුම්රිය සියල්ල අද ධාවනය කළා - සවස් කාලයෙ‍ත් අපි හැකි අයුරින් ධාවනය කරනවා
06:15
Video thumbnail
22ට එරෙහිව හැමෝම එකතුවෙනවා
03:40
Video thumbnail
හයිවේ එකෙන් එළියට පැන්න මෝටර් රථය නැවතුණු තැන
00:35
Video thumbnail
පොසොන් පෝයට ජනාධිපති එනවා කියලා අන්තිමේදි ආවේ නෑ - මිහින්තලා හිමිගෙන් වර්තමාන රජයට චෝදනා
09:40