මැතිවරණ ප්රචාරක කාලසීමාවෙන් පසු ජනතාවට බෙදීමට ගෙනවිත් තිබූ භාණ්ඩ රැසක් වැල්ලවත්ත ප්‍රදේශයේ හෝටලයක් තුළ තිබී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මැතිවරණ නිලධාරීන් වෙත ලැබුණු තොරතුරකට අනුව මෙම භාණ්ඩ තොගය අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.
අදාළ භාණ්ඩ තොගය සොයාගත් වැල්ලවත්ත ප්‍රදේශයේ පිහිටි හෝටලය රන්ජන් රාමනායක නායකතවය දරන ‘එක්සත් ප්රජාතන්ත්රවාදී හඬ’ පක්ෂයේ කාර්යාලයක් ලෙස පවත්වාගෙන ගොස් ඇති බවයි අනාවරණය වී.ඇත්තේ
මෙහිදී ජනතාවට බෙදීමට ගෙන ආ සහල්, සැමන්, පවර් බෑන්ක් ඇතුළු භාණ්ඩ තොගයක් මැතිවරණ කොමිසමේ නිලධාරීන් භාරයට ගෙන තිබෙනවා.
මෙම වැටලීම වැල්ලවත්ත පොලිස් නිලධාරීන්ගේ ද සහාය ඇතිව සිදුකර තිබුණා.
මේ අතර මෙවර මහ මැතිවරණයට අදාළ මැතිවරණ ප්රචාරක කාලසීමාව අද (11) මධ්‍යම රාත්‍රී 12.00න් අවසන් වනවා.