මත්පැන් විස වී දෙදෙනකු මරුට – තවත් දෙදෙනකු අසාධ්‍යව රෝහලට

නීතිවිරෝධී මත්පැන් පානය කර පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත් ව තවත් දෙදෙනකු අසාධ්‍යව රෝහල්ගත කිරීමේ පුවතක් පිටිගලින් වාර්තා වනවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ; ඊයේ (10) රාත්‍රියේ සිට අද (11) පස්වරු 04 තෙක් පිටිගල පොලිස් වසමේ මාදෙණිය පාර – මාරක්ගොඩ, මත්තක ලිපනයේ පදිංචි පද්මකුමාර නමැති අයෙකු විසින් සිය නිවසට නීතිවිරෝධීව නිෂ්පාදනය කරන ලද මත්පැන් බෝතලයක් ගෙනැවිත් ඇති බවයි.

පසුව ඔහු සහ ඔහුගේ මිතුරන් එක්ව ඊයේ රාත්‍රියේ දී මත්පැන් බෝතලය අවසන් වන තෙක් පානය කර තිබෙනවා.

අද අලුයම් කාලය වන විට ඔවුන්ට අසාත්මිකතාවක් ඇති වී කඩිනමින් ඇල්පිටිය රෝහලට ඇතුළත් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

නමුත් රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී 76 හැවිරිදි හැරිසන් විජේරත්න සහ 60 හැවිරිදි ධර්මපාල යන දෙදෙනකු ජීවිතක්ෂයට පත් ව තිබෙන බවයි රෝහල් පොලිසිය තහවුරු කර තිබෙනවා.

ඔවුන් දෙදෙනාම එම ප්‍රදේශයේ ම පදිංචිකරුවන් බවත් වෘත්තියෙන් ගොවිතැන් සහ රියදුරු වශයෙන් කටයුතු කරන බවත් පොලිස් මූලික පරීක්ෂණවල දී හෙළි ව තිබෙනවා.

මත්පැන් බෝතලය ගෙනා පුද්ගලයා සහ සෙසු පුද්ගලයා ඇල්පිටිය හා කරාපිටිය රෝහල්වල දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව ද පිටිගල පොලිසිය පවසා තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් පිටිගල පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය
00:49
Video thumbnail
කැමරාවේ සටහන් වූ අදාහා ගත නොහැකි දේ
00:49
Video thumbnail
නාමල් කරුණාරත්න ගැම්මට කිව්ව කතාව - වේගයෙන්ම සංවර්ධනය වන රටවලින් ලංකාව 4වෙනි තැනට ආවනේ
02:24
Video thumbnail
පොහොර ගැන කිසි ප්‍රශ්නයක් තියාගන්න එපා..හිඟයකින් තොරව දෙනවා
02:57
Video thumbnail
ජන බලයෙන් කළ හැකිදේ හෑල්ලුවට ලක් කරන්න එපා - සජිත් සැරවෙයි
13:18
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය - කට්ටිය බැහැලම වැඩ
01:22
Video thumbnail
නිලධාරියෙක් නීතිය උල්ලංඝණය කළත් තනතුර නොබලා දඬුවම් කරනවා - හර්ෂණගෙන් සැර කතාවක්
04:15
Video thumbnail
බන්ධනාගාර තදබදය ගැන හර්ෂණ කට අරියි - බන්ධනාගාරයේ බිත්ති හතර ඇතුළේ තියෙන ප්‍රශ්නයක්ම නෙවෙයි
03:21
Video thumbnail
සීට් බෙල්ට් නීතිය අකුරටම ක්‍රියාත්මක කරන පොලිසිය
01:15
Video thumbnail
සිව් දෙනෙක් දිය රකුසට හ#වූ ඛේදවාචකය
01:17