රට වසා දැමීමට සිදුවුවහොත් ජනතාව වගකීම භාර ගත යුතුයි

එළැඹෙන උත්සව සමයේදී රට සම්පූර්ණයෙන් වසා දැමීමට හෝ සංචරණ සීමා පැනවීමට සිදුවුවහොත් එහි සම්පූර්ණ වගකීම වගකීම් විරහිතව සමාජය තුළ හැසිරෙන මහජනතාව විසින් බාර ගත යුතු බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමයේ සභාපති උපුල් රෝහණ පැවැසීය.

හෙතෙම වැඩිදුරටත් මෙසේද කීවේය.

‘මේ වනවිට නැවත වතාවක් කොවිඩ් ආසාදිතයන්ගේ සහ මරණ ප්‍රමාණයේ සැලකිය යුතු වැඩිවීමක් දක්නට ලැබෙනවා. එයට ප්‍රධානතම හේතුව මහජනතාවගේ නොසැලකිල්ලයි. පසුගිය උත්සව සමයන්වලදී මුහුණ දුන් අත්දැකීම් ඇතැමුන් අමතක කර තිබෙනවා. දිනක, දෙකක විනෝදය හෝ වෙනත් අවශ්‍යතා වෙනුවෙන් සෞඛ්‍ය උපදේශයන් නොපිළිපදින්නේ නම් එහි වන්දිය සති, මාස ගණන් ගෙවීමට ජනතාවට සිදුවන බව අපි අමතක නොකළ යුතුයි. එමෙන්ම රාජ්‍ය සහ පෞද්ගලික මගී ප්‍රවාහන සේවා සම්බන්ධයෙන් ද අපිට කිසිදු ආකාරයකින් සෑහීමකට පත් වෙන්න බැහැ. ඇතැම් පොදු ප්‍රවාහන සේවාවන් ක්‍රියාත්මක වන්නේ කිසිදු දිනක කොවිඩ් වසංගතය අප රටේ නොතිබුණු ගානටයි. ඉදිරි සතියක පමණ කාලයකදී වාර්තා වන කොවිඩ් ආසාදිතයන් සහ මරණ ප්‍රමාණය අනුව යම් ආකාරයකට රට වසා දැමීමට හෝ සංචරණ සීම පැනවීම සඳහා නිර්දේශ ඉල්ලා සිටියහොත් බිම් මට්ටමේ රාජකාරි කරන සෞඛ්‍ය නිලධාරීන් ලෙස එම නිර්දේශය ලබා දීමට අකමැත්තෙන් වුවත් සිදු වෙනවා.’

මේ අතර, දකුණු අප්‍රිකාව ඇතුළු රටවල් කිපයකින් මේ වන විට වාර්තා වන ‘කොමික්‍රෝන්’ නමැති නව කොවිඩ් ප්‍රභේදය මෙරටින් වාර්තා වුවහොත් එම වයිරසයේ හැසිරිම දරුවන්ට කෙසේ බලපාන්නේද යන්න පිළිබඳ විශේෂඥයන් අදහස් පළකර තෙක් දරුවන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව තර කරන්නැයි මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය දෙමාපියන්ගෙන් සහ ගුරුවරුන්ගෙන් විශේෂ ඉල්ලීමක් කළේය.

  1. ලෝකයේසෑම රටකම මිනිසුන් එලෙසය අද කෝවිට් නැති ගානට ජනතාව හැසිරෙති
    කාබී විනෝදවීම උන්ගේ ඇතිඑකම ජීවන රටාවය අද මරණය ඒතරම් වැඩකට නැති ගානටය දුක කදල වේදනාව අනුන්ට තිබුනාට තමන්ට එනතුරුම එය අනුන්ගේය
    ඌට හැදුනාට මට මොකෝ යන හැගුම ඒ ලෝකයේ අවසන් කාලය පැමිනෙමින් ඇති නිසාය



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගමේ මිනිස්සුම පාරට බැහැලා මුළු ගමටම දුන්න සුපිරි සුද්දය
01:05
Video thumbnail
අලියෙක් ආහාර සොයා වාහනය පැත්තට දුවගෙන එන හැටි
00:38
Video thumbnail
ඕලුගල ඉදිරියේ නිලධාරින් මෙහෙයුම කළ හැටි හෙළිකරයි
01:05
Video thumbnail
මෙරට මුහුදු සීමාවේ අනවසර ධීවර කටයුතු සිදු කළ ඉන්දීය ධීවරයින් පිරිස නාවික හමුදාවෙන් අල්ලගනී
00:25
Video thumbnail
කථානායකට එරෙහිව විපක්ෂයෙන් විශ්වාසභංගයක් ? කථානායක නිල නිවසේ පොත්පත් අතුරුදන්
03:58
Video thumbnail
අපේ ජනාධිපති එක්සත් ජාතීන්ගේ මහ සමුළුවට සහභාගි නොවුණ නිසාද අමෙරිකාව තර්ජනය කරන්නේ ?
04:52
Video thumbnail
රටම එකට කිව්වට පොලිසිය එකට නෑ - මෙච්චර ඇල්ලුවත් මහපොළොවේ අයිස් තියෙන්නේ ඇයි ?
07:16
Video thumbnail
හිටපු ඇමතිත් ඉන්න ඇමතිත් කරන කතාවකින්ම සූර්ය විදුලිබලය බිඳ වැටෙනවා - පද්ධතිය සම්පූර්ණයෙන් බිඳවට්ටලා
07:16
Video thumbnail
විපක්ෂ නායක සහ ICRC නියෝජිත ප්‍රධානීන් අතර විශේෂ හමුවක්
00:38
Video thumbnail
සූර්ය බලශක්තියට ඇතිවෙලා තියෙන චැලේන්ජ් එක ගැන හෙළිකරයි - නිකන් තියෙන වහල - ජනතාවට සල්ලි යනවා
17:27