දීර්ඝ තරග සංචාරක් සඳහා ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායම අද (04) පාකිස්ටහන බලා පිටත්ව ගියා.
පාකිස්ථානය සමඟින් තරග තුනකින් සමන්විත විස්සයි විස්ස තරගාවලියක් සහ එම තරගාවලියෙන් අනතුරුව පාකිස්ථානය සහ එංගලන්තය එක්වන තුන්කොන් එක්දින තරගාවලියකට ද ශ්රී ලංකා කණ්ඩායම එක්වීමට නියමිතයි.
එමෙන්ම තුන්කොන් තරගාවලිය අවසන්වීමෙන් අනතුරුව ශ්රී ලංකා කණ්ඩායම තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියක ද පාකිස්ථානය සමඟ ක්රීඩා කිරීමට නියමිතව තිබෙනවා.
අද (04) ඇරඹෙන ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමේ පාකිස්ථාන තරග සංචාරය අවසන් වන්නේ නොවැම්බර් 21 වැනිදායි.










