ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙනුවෙන්ම වෙන් වූ විශේෂ පොලිස් ඒකකයක් පිහිටුවන ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටිනවා.
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපති, විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එල්.ටී.බී දෙහිදෙණියගේ අත්සනින් යුතුව නිකුත් කළ නිවේදනයක් මගින් මෙම ඉල්ලීම සිදුකර තිබෙනවා.
ජ්‍යෙෂ්ඨ පුරවැසියන් මුහුණ දෙන ගැටලු විසඳීමට සහ ඔවුන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමට හැකි වන පරිදි මෙවැනි විශේෂ පොලිස් ඒකකයක් පිහිටුවන ලෙස ඉල්ලා සිටි බව කොමිෂන් සභාව සඳහන්කරන්නේ.
සමාජීය හා ආර්ථික සාධක මෙන්ම ආයතනවලට බලපාන බාහිර බලපෑම් හේතුවෙන් ශ්‍රී ලංකාව තුළ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය වීමේ ප්‍රවණතාවක් දක්නට ලැබෙන බව ද කොමිෂන් සභාව පෙන්වා දෙනවා.
නිවාසවල මෙන්ම විවිධ ආයතනවල ජීවත් වන ජ්‍යෙෂ්ඨ පුරවැසියන් ද මෙම අභියෝගවලට මුහුණ දී සිටින බව එහිදී සඳහන්.
පොලිස් දෙපාර්තමේන්තුව තුළ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙනුවෙන් විශේෂ ඒකකයක් පිහිටුවීම මගින් එවැනි ගැටලු විසඳීමට සහායක් ලැබිය හැකි බවයි මානව හිමිකම් කොමිෂන් සභාව පවසන්නේ.










