රුපියල් කෝටි ගණනින් මුදල් වංචා කළ බවට චෝදනා එල්ල වී ඇති තිකෝ සමූහ ව්‍යාපාරයේ හිමිකාරිනී තිළිණි ප්‍රියමාලි අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා නියෝග කළා.
මෙම සැකකාරිය වෙනුවෙන් ඇපකරුවන් පෙනී සිටින බවට පුද්ගලයන් දෙදෙනෙකු ඉදිරිපත් කළ අතර, ඇප තබා ඇත්තේ ඔවුන් නොවන බව සදහන් කරමින් මහේස්ත්‍රාත්වරයා අදාළ වරෙන්තුව නිකුත් කරනු ලැබුවා.
තිළිණි ප්‍රියමාලි ඇතුළු 06 දෙනෙකුට එරෙහිව පවරා ඇති මුදල් වංචා චෝදනා ගණනාවකට අදාළ නඩු කැඳවූ අවස්ථාවේ තවත් සැකකරුවන් කිහිප දෙනෙකු ද අධිකරණය හමුවේ පෙනී සිටියේ නැහැ.
ඔවුන් වෙනුවෙන් ඇපකරුවන් පෙනී සිට අතර මෙහි තවත් සැකකාරියක වන දැනට රිමාන්ඩ් භාරයේ සිටින ජානකී සිරිවර්ධන යන අය වෙනත් නඩුවකට රිමාන්ඩ් භාරයේ පසුවන බවයි ඇයගේ නීතිඥවරයා සදහන් කළේ.
මෙම සිද්ධියට අදාළව ඇප මත මුදා හැර සිටින බොරැල්ලේ සිරිසුමන හිමියන් අධිකරණය හමුවේ පෙනී සිටි අතර විදෙස් ගතවීමට කළ ඉල්ලීමට ද අවසර ලැබුණා.
තිළිණි ප්‍රියමාලි ඇතුළු පිරිසට එරෙහි නඩු සියල්ල ලබන වසරේ මාර්තු 31වනදා යළි කැඳවන ලෙසයි මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ.













