රට රැකියා දෙන බව පවසා මුදල් වංචා කළ අයෙක් අත්අඩංගුවට

ඊශ්‍රායලයේ රැකියා ලබා දෙන බව පවසා රුපියල් ලක්ෂ 04 ක මුදලක් වංචා කළ බව කියන පුද්ගලයෙකුව විදේශ සේවා නියුක්ති කාර්යංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
විදේශ සේවා නියුක්ති කාර්යංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ වෙන්නප්පුව – වයික්කාල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

ඊශ්‍රායලයේ රැකියා ලබා දෙන බව පවසමින් සැකකරු පුද්ගලයෙකුගෙන් රුපියල් ලක්ෂ 04 ක මුදලක් ලබා ගෙන ඇත.පොරොන්දු වූ පරිදි රැකියාව නොලැබුණු නිසා මේ සම්බන්ධයෙන් විදේශ සේවා නියුක්ති කාර්යංශයට පැමිණිළි කිරීමට එම පුද්ගලයා කටයුතු කර ඇත.

සැකකරුව අත්අඩංගුවට ගැනීම සදහා විදේශ සේවා නියුක්ති කාර්යංශය විසින් විමර්ශණ කටයුතු සිදු කරමින් සිටින අතර තුර මරදාන පොලීසිය විසින් ඔහුව අත්අඩංගුවට ගෙන තිබුණි.පසුව මරදාන පොලීසිය විසින් සැකකරුව විදේශ සේවා නියුක්ති කාර්යංශයට බාර දීමට කටයුතු කර ඇත.

වලංගු රැකියා නියෝජිත බලපත්‍රයක් නොමැතිව පුද්ගලයින් විදේශ ගත කිරීම සදහ බදවා ගැනීම සහ මුදල් වංචා කිරීමේ චෝදනාව මත සැකකරුව මාළිගාකන්ද මහේස්ත්‍රාත්වරය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දින 14 ක කාලයක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කරන ලදි.

විවිධ රටවල් වල රැකියා ලබා දෙන බව පවසමින් පුද්ගලයින්ගෙන් මුදල් ලබා ගෙන වංචා කළ කීප දෙනෙකුව පසුගිය දින කීපය තුළ විදේශ සේවා නියුක්ති කාර්යංශයේ විමර්ශණ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?