එළඹෙන උත්සව සමයේ බිත්තරයක් 70ට නගී – කුකුළු මස්වල හිඟයක්

එළඹෙන උත්සව සමයේ බිත්තරයක මිල රුපියල් 70ක් දක්වා ඉහළ යන බව සමස්ත ලංකා බිත්තර වෙළඳ සංගමය පවසනවා.

සමස්ත ලංකා බිත්තර වෙළඳ සංගමයේ සභාපති ඇන්ටන් අප්පුහාමි අද (07) මාධ්‍ය හමුවක් කැඳවමින් මේ බව සඳහන් කළා.

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ඇති වූ ගංවතුර තත්ත්වයත් සමඟ බිත්තර නිෂ්පාදනය කරන සත්තු ලක්ෂ 28කට වැඩි සංඛ්‍යාවක් මියගොස් ඇති බවයි ඔහු මෙහිදී සඳහන් කළේ.

කුකුල් මස් ,බිත්තර, එළු මස් ඇතුළු සියලුම සත්ව නිෂ්පාදනවලට මෙම බලපෑම එල්ල වී ඇති බව සඳහන් කළ සභාපතිවරයා කුකුළු මස්, බිත්තර නිෂ්පාදන කර්මාන්තයට ඉන් වැඩිම බලපෑමක් එල්ල වී ඇති බවයි ඔහු පැවසුවේ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු පැවසුවේ මේ දිනවල කුකුල් මස් ආහාරයට ගැනීමෙන් වැළකී සිටින ලෙසට බොරු ප්‍රචාරයක් ගෙන ගොස් ඇති බවයි.

ඒ, අනුව කුකුල් මස් මිලේ අඩුවීමක් දක්නට ඇති බව සඳහන් කළ ඔහු, එළඹෙන උත්සවය සමයේ කුකුළු මස්වල හිඟයක් ඇති විය හැකි බවටයි අනතුරු අඟවා සිටියේ.

සත්ව ආහාර සඳහා ගන්නා අමුද්‍රව්‍යවල මිල ඉහළ ගොස් ඇති බව සඳහන් කළ සමස්ත ලංකා බිත්තර වෙළඳ සංගමයේ සභාපතිවරයා කඩිනමින් එම අමුද්‍රව්‍ය ආනයනය කර ඒ වෙනුවෙන් සහනයක් සත්ව ගොවිපොළ හිමියන්ට ලබාදෙන ලෙසයි පැවසුවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14