වැරදි වාර්තාවක් නිකුත් කළ හිටපු අතිරේක රස පරීක්ෂකවරයාට වැඩ වරදී

විශ්‍රාමලත් රජයේ අතිරේක රස පරීක්ෂකවරයෙක් ලෙස සේවය කළ ලලිත් ජයමාන්න අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන
කොමිෂන් සභාව විසින් අල්ලස් චෝදනා මත අද (05) දින අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පුද්ගලික රක්ෂණ ආයතනයකට වාසි වෙන ආකාරයට රස පරික්ෂක වාර්තා නිකුත් කිරීම සම්බන්ධයෙන් මොහුට චෝදනා එල්ල වී තිබෙනවා.

ඒ අනුව අත්අඩංගුවේ පසු වූ සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 09 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියම වී තිබෙනවා.

  1. මෙම ප්‍රවෘතිය වහාම නිවරදි වියයුතුය,ඔහු විසින් බාහිරව කල උපදේශයක් සම්බන්දව මුදල් ගැනීම සම්බන්ද වරදකට අත්අඩංගුවට පත් වූ අවස්තාවක්.එමනිසා රජයේ රස පරීක්ශක තුමියගෙන් විමසා ඇත්ත ප්‍රශිද්ද කරනමෙන් ඉල්ලා සිටිමි.නැතහොත් අධිකරය සතු කීර්තිමත් ආයතනයකට කරන විශාල අපරාදයකි
    !!