ව්‍යසනය දෙස කම්පාවෙන් බලා නොසිට වෙහෙස වී වැඩකර යළි නැගිටිමු – අනුරපුර ගිය ජනපති කියයි

ගංවතුර හේතුවෙන් විනාශ වී ගිය අනුරාධපුර දිස්ත්‍රික්කයේ වී වගාව මහ කන්නයේදී යළි අස්වැද්දීමට කඩිනමින් සූදානම් කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක නිලධාරීන්ට උපදෙස් දෙනු ලැබුවා.

ජාතික අවශ්‍යතාවක් සේ සලකා අදාළ සියලු ආයතන ඒ වෙනුවෙන් මනා සම්බන්ධීකරණයකින් යුතුව කැපවීමේ අවශ්‍යතාව අවධාරණය කළ ජනාධිපතිවරයා ගොවීන්ට කඩිනමින් වන්දි මුදල් ලබාදීමට සහ තාවකාලික පිළිසකර කිරීම් මගින් අවශ්‍ය වාරි ජල සැපුම ලබාදීමට ද අදාළ අංශ වෙත උපදෙස් දුන්නා.

වගා හානි වෙනුවෙන් මෙරට ඉතිහාසයේ ලබාදුන් වැඩිම වන්දි මුදල් ලබාදෙමින් රජය අපේක්ෂා කරන්නේ යළි වගා කටයුතු කඩිනමින් ආරම්භ කිරීම බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නා.

ජනාධිපති අනුර කුමාර දිසානායක මේ බව සඳහන් කළේ ආපදා තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් අනුරාධපුර දිස්ත්‍රික්කයේ ජනතාවගේ ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීම සහ යටිතල පහසුකම් සංවර්ධනය වෙනුවෙන් ක්‍රියාත්මක වැඩපිළිවෙළ පිළිබඳ සොයා බැලීමට අද (07) පෙරවරුවේ අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීමට එක් වෙමින්.

ආපදා තත්ත්වය හේතුවෙන් පූර්ණ හානි සිදු වූ ගොවීන් ප්‍රමාණය, ගොවි බිම් ප්‍රමාණය සහ අවශ්‍ය මුදල් ප්‍රමාණය පිළිබඳ වාර්තාවක් මෙම සිකුරාදාට පෙර ඉදිරිපත් කරන ලෙස මෙහිදී උපදෙස් දුන් ජනාධිපතිවරයා, අදාළ වන්දි මුදල් සාධාරණ ලෙස ලැබිය යුතු පිරිස් වෙතම ලැබිය යුතු බවත්, අසාධාරණ ලෙස එය කිසිවෙකුට හිමි නොවිය යුතු බවත් පෙන්වා දුන්නා.

මෙම වන්දි මුදල් ස්ථීර ලෙසම ගොවි ජනතාවට ලබාදීමට රජය කටයුතු කරන බවත්, ගොවි ජනතාව තුළ විශ්වාසය ඇති කර ඔවුන් යළි වගා කටයුතු සඳහා දිරි ගන්වන ලෙසත් ජනාධිපතිවරයා මෙහිදී නිලධාරීන්ට උපදෙස් දෙනු ලැබුවා.

දිස්ත්‍රික්කයේ මහාමාර්ග, විදුලි සහ ජල සැපයුම, වාරිමාර්ග, සන්නිවේදන ඇතුළු යටිතල පහසුකම් සංවර්ධනයට ගෙන ඇති පියවර පිළිබඳ මෙහිදී ජනාධිපතිවරයා වෙන් වෙන් වශයෙන් අදාළ ආයතන වෙතින් කරුණු විමසා සිටියා.

අවහිර වූ මාර්ග යළි විවෘත කිරීම වෙනුවෙන් ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳ මෙහිදී ජනාධිපතිවරයා විමසු අතර, මාර්ග සංවර්ධනයට ස්ථිර සැලසුම් ක්‍රියාත්මක කරන තෙක් තාවකාලික පිළිසකර කිරීම් කඩිනම් කර ජනතාවගේ ප්‍රවාහන අවශ්‍යතා සපුරාලීමට පියවර ගන්නා ලෙස උපදෙස් දුන්නා.

ආපදා තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්කයේ විදුලි ට්‍රාන්ස්ෆෝමර් 580න් 473කට හානි සිදු වී තිබු බවත්, ඒවා මේ වන විට යථා තත්ත්වයට පත් කරමින් තිබෙන බවත්, හෙට (08) දිනය වන විට දිස්ත්‍රික්කයේ විදුලි සැපයුම සම්පූර්ණ කළ හැකි බවත් විදුලිබල මණ්ඩලයේ නිලධාරීහු පෙන්වා දුන්නා.

එමෙන්ම ජල සැපයුම් 49,000කට හානි සිදුවී තිබු අතර, එයින් 99%ක් පමණ මේ වන විට යථා තත්ත්වයට පත් කර ඇති බවත්, ඉතිරි ප්‍රමාණය සඳහා මේ වන විට බවුසර් මගින් ජල සැපයීම සිදුකරන අතර ඉදිරි දින 02 තුළ සම්පූර්ණයෙන් ජල සැපයුම යථා තත්ත්වයට පත් කිරීමට හැකි වනු ඇති බවත් නිලධාරින් පෙන්වා දුන්නා.

එමෙන්ම හානි වූ ප්‍රජා ජල ව්‍යාපෘති මේ වන විට යථා තත්ත්වයට පත් කරමින් තිබෙන බවද සඳහන් කෙරුණා.

ළිං පිරිසිදු කිරීමේ කටයුතු නාවික හමුදාවේ සහාය ඇතිව මේ වන විට සිදු කෙරෙන අතර, ප්‍රාදේශීය ලේකම් කර්යාලවල සම්බන්ධීකරණයෙන් ප්‍රජා සහභාගිත්වයද ලබාගනිමින් එම කටයුතු කඩිනමින් අවසන් කරන ලෙස ජනාධිපතිවරයා උපදෙස් දුන්නා.

බඩඉරිගු ඇතුළු අනෙකුත් බෝග වගාවන් සඳහා වන්දි ලබා දෙමින් යළි වගා කටයුතු ආරම්භ කිරීම, පශු සම්පත් ක්ෂේත්‍රයේ නිරත ගොවීන්ගේ ජීවනෝපායාමාර්ග යළි සකස් කිරීම, සෞඛ්‍ය සේවා යථාවත් කිරීම, විනාශයට පත් වූ විහාරස්ථාන ඇතුළු ආගමික සිද්ධස්ථාන සංවර්ධන පිළිබඳ මෙහිදී සාකච්ඡා කෙරුණා.

ගංවතුර හේතුවෙන් දිස්ත්‍රික්කයේ නිවාස 228කට පුර්ණ හානි සිදුව තිබෙන අතර, එම නිවාස තිබූ ස්ථාවලම එම ජනතාව නැවත පදිංචි කරනවාද, එසේ නොමැතිනම් වෙනත් සථානයක පදිංචි කරනවාද යන්න පිළිබඳ නිවැරදි දත්ත ලබා ගනිමින් අදාළ ඉඩම් හදුනා ගැනීමේ කටයුතු ආරම්භ කරන ලෙසද ජනාධිපතිවරයා උපදෙස් දුන්නා.

දෙසැම්බර් 16 වනදා වන විට දිස්ත්‍රික්කයේ සියලු පාසල් යළි ආරම්භ කිරීමට හැකියාව තිබෙන බව මෙහිදී අධ්‍යාපන නිලධාරිහු පෙන්වා දුන් අතර, ආපදාවට ලක් වූ පාසල් දරුවන් වෙනුවෙන් මහා භාණ්ඩාගාරය මගින් ලබා දීමට නියමිත රුපියල් 15,000ක මුදල මෙම දෙසැම්බර් 31 වනදාට පෙර ලබා දී අවසන් කරන ලෙසත්, ඊට අදාළ නාම ලේඛනය කඩිනමින් සකස් කරන ලෙසත් ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නා.

ජනතාවට සහන සැලසීමේදී මෙන්ම යටිතල පහසුකම් සංවර්ධනයේදී රාජ්‍ය නිලධාරීන්, පොලීසිය සහ ත්‍රිවිධ හමුදාව සිදු කරන කාර්යභාරය වෙනුවෙන් ස්තූතිය පළ කිරීමටද ජනාධිපතිවරයා මෙහිදී කටයුතු කළා.

  1. සුලි කුනාටුව ගැන හොදටම දැනගනත් මහජනතාව රකින්න කිසි දෙයක් නොකරපු මී ගොනා බයිලා ගහනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
උදෙන්ම 20 දෙනෙකු රෝහලට යැවූ බිහිසුණු බස් අනතුර
01:15
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35