අනියම් පෙමක් නිසා සිදුකළ ඝාතනයක ඝාතකයා අත්අඩංගුවට

බඩල්කුඹුර පොලිස් වසමේ මාලිගාතැන්න ප්‍රදේශයේ දී පසුගියදා තියුණු ආයුධයකින් ගෙල කපා පුද්ගලයෙක් ඝාතනය කර තිබුණා.

මෙම ඝාතනයට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගැනීමට බඩල්කුඹුර පොලිසියට හැකියාව ලැබී තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු සැකකරු ඝාතනයට ලක්වූ පුද්ගලයාගේ බිරිඳගේ අනියම් පුරුෂයා බවයි පොලිසිය සඳහන් කළේ.

මාලිගාතැන්න ප්‍රදේශයේ පදිංචි මෙම සැකකරු වයස අවුරුදු 44ක අයෙක් බවයි වාර්තා වුණේ.

ඝාතනයට ලක්වූ පුඅද්ගලයාගේ බිරිඳ සමඟ පැවති අනියම් සම්බන්ධයක ප්‍රතිඵලයක් ලෙස මෙම ඝාතනය සිදුකර තිබෙනවා.

ඝාතනය සඳහා සැකකරු යොදාගත් පිහිය ද සඟවා තිබිය දී පොලිසිය විසින් සොයාගෙන ඇති බවයි වාර්තා වුණේ.

සැකකරු මොණරාගල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දින 14ක කාලයක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළ බවයි පොලිසිය පැවසුවේ.

බඩල්කුඹුර පොලිසිය සහ මොණරාගල කොට්ඨාස අපරාධ විමර්ශණ අංශය විසින් ඉදිරි විමර්ශන සිදුකරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යටිනුවර මැද පළාත සමූපකාරයට දැඩි විරෝධයක් - තමන්ගේ හිතුමනාපෙට මේ සියල්ල පැහැර හැරලා
05:10
Video thumbnail
මන්නාරම් ද්‍රෝණියේ ගෑස් තෙල් නිධි ලබා ගැනීම ගැන විශේෂ හෙළිදරව්වක් - ආර්ථිකයේ හොඳ පිම්මක්
05:33
Video thumbnail
ලොක්කෝ දාන්න වෙනම වැලිසර විශේෂ බන්ධනාගාර හැදුවා - දේශපාලන ජාලයම හෙළිවෙනවා
02:43
Video thumbnail
නීතිය නැවෙන්නේ නෑ කොහෙවත් - සමහර අය අච්චු කළා..ඉතුරු අයටත් ළඟදිම ලැබෙයි
03:01
Video thumbnail
මැතිවරණ සමයෙන් පසුවත් රජය සංවර්ධන නිලධාරීන් රවට්ටනවා - රජයේ ඇන්දවිල්ලට ඔයාලා වහල් වෙන්න එපා
05:03
Video thumbnail
අද උදෑසනම ගාල්ලට ඇදහැලුණු මහ වැස්ස - මෙන්න එහි දර්ශන
02:22
Video thumbnail
බෝර දොලහේ පතුරම් යෙදිය හැකි හදුනා නොගත් ගිනි අවියක් ගගේයායෙන් කොටුවෙයි
00:56
Video thumbnail
ඓතිහාසික උරුමයේ පාදම රැකගෙන යාමට සමත් යෞවනයන් රට තුළ සිටිනවා
06:12
Video thumbnail
දේශපාලන වේදිකාවක පෙරහර නතර කිරීම ගැන සාකච්ඡා කරන්න බෑ - ජනපති අනුරගෙන් සැර කතාවක්
02:57
Video thumbnail
ජනපති අනුර දළදා පෙරහර ගැන හෙළිකළ දේ - රාජ්‍යත්වයත්, දළදා වහන්සේ අතර අත්හරින්න බැරි ඉතිහාසයක් තියෙනවා
05:50