AFC Banner
AFC Banner
Empty Ad

රට අගාධයට ඇද දැමුවේ ජවිපෙ බව සජිත් කියයි

සියවස් ගණනාවක් පුරා අභිමානයෙන් කොන්ද කෙළින් තියාගෙන ජීවත් වූ පුරවැසියන් සිටි රට රාජපක්ෂ දූෂිත පවුල් පාලනය නිසා විනාශ වූ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

ගජ මිතුරු, ධනවාදය රාජපක්ෂ පවුල් වාදය, දූෂණය සහ අල්ලස හේතුවෙන් රට බංකොලොත් වී ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

රට මෙවැනි ආගාධයකට ඇඳ දැමුවේ රාජපක්ෂ පවුල්වාදය වන අතර ඒ සඳහා 2005 වසරේ ගෙන් ගෙට ගොස් මැතිවරණ ව්‍යාපාරය සිදු කළේ මේ වන විට රටට විසඳුම යැයි කියා ගන්නා රතු සහෝදරවරු බව ද විපක්ෂ නායකවරයා ප්‍රකාශ කරනවා.

රට විනාශ කළ රාජපක්ෂලාට ඔවුන් ඔටුනු පැළැන්දුව ද කිසිදු දිනක සජිත් ප්‍රේමදාස වන තමා රාජපක්ෂලාව බලයට ගෙන ඒමට කටයුතු නොකළ අතර තමා සෑම විටම සිටින්නේ පොදු ජනතාව සමඟ බවයි ඔහු කියාසිටියේ.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ඊයේ (18) දෙහිඕවිට දී පැවැති ජනරැළියකට එක් වෙමින්.

එහි දී විපක්ෂ නායකවරයා කියාසිටියේ ඉදිරි මැතිවරණයන්හි ජයග්‍රහණයත් සමඟ රටෙන් හොරා කන ලද සියලු දේපල, ධනය සහ මුදල් නැවත රට තුළට ගෙන හොරු අල්ලා යහපත් විනිවිධභාවයෙන් යුත් රාජ්‍ය පාලනයක් ක්‍රියාත්මක කරන බවයි.

අරගලයෙන් රාජපක්ෂවරු එලවා දැමුවත් මේ වන විට ක්‍රියාත්මක රාජපක්ෂ සෙවනැලි ආණ්ඩුව විසින් ජනතාවගේ ප්‍රජාතන්ත්‍රීය අයිතියක් වන ඡන්ද බලය පවා විවිධ කුමන්ත්‍රණ හරහා අහෝසි කර ඇති බව සජිත් ප්‍රේමදාස පෙන්වා දෙනවා.

ඔවුන්ට සතුටු වීමට ඕනෑ තරම් මුදල් තිබුණ ද මැතිවරණයට වියදම් කිරීමට මුදල් නොමැති බව පැවසීම විහිළුවට කරුණක් බවත් මැතිවරණය නොපැවැත්වුවහොත් ප්‍රජාතන්ත්‍රීය සාමකාමී අරගලයක් හරහා මැතිවරණය කෙසේ හෝ ලබා ගන්නා බව ද විපක්ෂ නායකවරයා සඳහන් කළා.

මේ අතර මෙරට ජනතාවගේ ඡන්ද අයිතිය ආරක්ෂා කිරීම සඳහා ජන අරගලයක් ආරම්භ කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කළා.

කඹුරුපිටිය ප්‍රදේශයේ පැවැති ජනහමුවකට එක්වෙමින් විපක්ෂ නායකවරයා සඳහන් කළේ එම ජන අරගලය හෙටින් ආරම්භ වන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජන රැල්ල නාමල්ට කැරකෙයි - සෙල්ෆි ගන්න ආච්චිලත් පොරකයි
03:17
Video thumbnail
🔴2025 අයවැය පාර්ලිමේන්තු විවාදය පස්වැනි දිනය සජීවීව
05:29:12
Video thumbnail
මන්ත්‍රීවරුන්ට නැවත අවි ලබා දීමේ සුදානමක් ? පාඨලී ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරයි
12:14
Video thumbnail
ඩිෆෙන්ඩරෙන් ඇවිත් යායට වෙ#තිබ්බා...#1million #viralvideo
01:32
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ
00:58
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ - ඇමති නලීන් කියයි
02:10
Video thumbnail
මන්ත්‍රීවරියක් නිසා මැතිසබේ කචල් - හර්ෂට සීන් එකට නහුතෙටම තදවෙයි
11:52
Video thumbnail
ලක්ෂ 20 දී ත්‍රීවීල් එකක් ගත්තොත් මේ පාර මාලිමාවට කියලා ස්ටිකර‍යක් නොමිලේ...
04:21
Video thumbnail
සජබ මන්ත්‍රීට පාතාල ත#ජන #dasathamidnewstoday #dasathanews #live
01:04
Video thumbnail
යළි පාතාල බිය නංවමින් සජබ මන්ත්‍රී ජගත්ට ආපු පාතාල ත#ජන
14:03

?