රට අගාධයට ඇද දැමුවේ ජවිපෙ බව සජිත් කියයි

සියවස් ගණනාවක් පුරා අභිමානයෙන් කොන්ද කෙළින් තියාගෙන ජීවත් වූ පුරවැසියන් සිටි රට රාජපක්ෂ දූෂිත පවුල් පාලනය නිසා විනාශ වූ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

ගජ මිතුරු, ධනවාදය රාජපක්ෂ පවුල් වාදය, දූෂණය සහ අල්ලස හේතුවෙන් රට බංකොලොත් වී ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

රට මෙවැනි ආගාධයකට ඇඳ දැමුවේ රාජපක්ෂ පවුල්වාදය වන අතර ඒ සඳහා 2005 වසරේ ගෙන් ගෙට ගොස් මැතිවරණ ව්‍යාපාරය සිදු කළේ මේ වන විට රටට විසඳුම යැයි කියා ගන්නා රතු සහෝදරවරු බව ද විපක්ෂ නායකවරයා ප්‍රකාශ කරනවා.

රට විනාශ කළ රාජපක්ෂලාට ඔවුන් ඔටුනු පැළැන්දුව ද කිසිදු දිනක සජිත් ප්‍රේමදාස වන තමා රාජපක්ෂලාව බලයට ගෙන ඒමට කටයුතු නොකළ අතර තමා සෑම විටම සිටින්නේ පොදු ජනතාව සමඟ බවයි ඔහු කියාසිටියේ.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ඊයේ (18) දෙහිඕවිට දී පැවැති ජනරැළියකට එක් වෙමින්.

එහි දී විපක්ෂ නායකවරයා කියාසිටියේ ඉදිරි මැතිවරණයන්හි ජයග්‍රහණයත් සමඟ රටෙන් හොරා කන ලද සියලු දේපල, ධනය සහ මුදල් නැවත රට තුළට ගෙන හොරු අල්ලා යහපත් විනිවිධභාවයෙන් යුත් රාජ්‍ය පාලනයක් ක්‍රියාත්මක කරන බවයි.

අරගලයෙන් රාජපක්ෂවරු එලවා දැමුවත් මේ වන විට ක්‍රියාත්මක රාජපක්ෂ සෙවනැලි ආණ්ඩුව විසින් ජනතාවගේ ප්‍රජාතන්ත්‍රීය අයිතියක් වන ඡන්ද බලය පවා විවිධ කුමන්ත්‍රණ හරහා අහෝසි කර ඇති බව සජිත් ප්‍රේමදාස පෙන්වා දෙනවා.

ඔවුන්ට සතුටු වීමට ඕනෑ තරම් මුදල් තිබුණ ද මැතිවරණයට වියදම් කිරීමට මුදල් නොමැති බව පැවසීම විහිළුවට කරුණක් බවත් මැතිවරණය නොපැවැත්වුවහොත් ප්‍රජාතන්ත්‍රීය සාමකාමී අරගලයක් හරහා මැතිවරණය කෙසේ හෝ ලබා ගන්නා බව ද විපක්ෂ නායකවරයා සඳහන් කළා.

මේ අතර මෙරට ජනතාවගේ ඡන්ද අයිතිය ආරක්ෂා කිරීම සඳහා ජන අරගලයක් ආරම්භ කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කළා.

කඹුරුපිටිය ප්‍රදේශයේ පැවැති ජනහමුවකට එක්වෙමින් විපක්ෂ නායකවරයා සඳහන් කළේ එම ජන අරගලය හෙටින් ආරම්භ වන බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නපති ප්‍රධානත්වයෙන් අරඹපු කටුනායකට ගුවන් යානා ඉන්ධන ගෙන යන නව නළ මාර්ගයේ ඉදිකිරීම
01:06
Video thumbnail
සුනිත්‍ය බලශක්ති අධිකාරිය අද බුදියගෙන - වහල මත සූර්ය පැනල ගහන එකේ දොර වහන්න හදන්නේ
04:25
Video thumbnail
මෙරායා දමිළ මහා විද්‍යාලය ජල ගඟින් යටවෙයි - පංති කාමරත් වතුරෙන් වැහිලා
02:25
Video thumbnail
විපක්ෂ නායක හමුවෙන්න ආ ප්‍රංශ තානාපතිවරයා - සූර්ය බලශක්ති ගැටලු ගැනත් කතාවෙයි
10:56
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12
Video thumbnail
අල්ලස් කොමිසමට ආ බන්දුල -මේකට එන්නේ අල්ලස් දූ#ණ කරපු නිසානේ ?"එහෙම එකක් නෑ"
01:55
Video thumbnail
Train එක පදවාගෙන යන බිමල් රත්නායක - සිංදු කි‍යලා ඇමති බිමල් ගත්ත Fun එක
02:37
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03